මිහින්තලාවේ බෞද්ධ සසුන්වත

ලක්දිව සම්බුද්ධ ශාසනය ස්ථාපිත වීම පිළිබක්‍ කතා පුවත කවුරුත් දනිති. ක‍්‍රි. පූ. තුන්වන සියවසේ දඹදිව අශෝක මහාධිරාජයාණන් හා ලක්දිව දේවානම් පියතිස්ස රජු අතර අන්‍යෝන්‍ය මිත‍්‍රත්වයත් දේශපාලන සම්බන්ධතාවත් නිසා මිහිඳු මහ රහතන් වහන්සේ ස්වකීය පුත‍්‍ර රත්නය වශයෙන් අශෝක රජතුමා විසින් ම ලක්දිව රජුට ධර්මය ඉගැන්වීම හා රටේ ධර්මය ප‍්‍රචාරය කිරීම සඳහා එවන ලදී. උන් වහන්සේ මෙරටට වැඩි පළමු වැනි ධර්ම දූතයාණන් වහන්සේ වු සේක. මෙම ප‍්‍රකාශය ඇතැම් විට අද මතභේදය ට තුඩු දිය හැකිය. මක්නිසාද යත් සාම්ප‍්‍රදායික ඉතිහාසය අද නොපිළිගන්නා හෙයිනි.

මහින්දාගමනයට පෙර ලංකාවේ ජනයා බුදුදහම දැන සිටිය ද එය රාජ අනුග‍්‍රහය ලැබ ව්‍යාප්ත වූයේ ඉන් පසුව බව අද බෙහෝ දෙනා පිළිගනිති. මිහිඳු මාහිමියන්ගේ පැමිණීමට පෙර බුදුසසුන මෙහි පැවති බවත් වංශකථාකරුවන් ඒ බව දැන දැනත් සඳහන් නොකළේ මහින්දාගමනයෙන් අනතුරුව බුදුදහම ලංකා සමාජය කෙරෙහි බලපෑ අන්දම හුවා දැක්වීමට බවත් ඇතැම් විද්වත්හු කල්පනා කරති.

මහින්දාගමනයට පෙර ලක්දිව ඇදහිලි විශ්වාස ගැන කරුණු විමසන කල බුදුදහම හැර එකල දඹදිව පැවති සෑම ආගමක් ගැනම වංශකථාකරු සඳහන් කර තිබීම මහින්දාගමනයට වැඩි තැනක් හා සැලකිල්ලක් දැක්වීමට හිතාමතා කළ ගෙතීමක් වශයෙන් ද සැලකේ. අපේ වංශකථාව සඳහන් කරන පරිදී මිහිඳු හිමියන් එදා ලක්දිවට පැමිණීම සඳහා මොග්ගලී පුත්තතිස්ස මහතෙරුන් වහන්සේගෙන් අවසරය ලබාගත් සේක. එහෙත් ගමන ආරම්භ නොකොට සය මසක් පමණ දක්ෂිණ ගිර දනව්වේද මසක් තම මෑණියන් විසූ වේදියගිර නුවර ද වශයෙන් සත් මසකින් ගමන පමා කළ බව පෙනේ.

එසේ කොට උන්වහන්සේ තවත් ස්ථවීරයන් හතර දෙනෙකු ද සමග ශ‍්‍රී ලංකාවට පැමිණ සිත්කලු මිස්සක පර්වතයෙහි පියල් කුල උතුම් රුචිර අඹ තලෙහි වැඩ සිටියේ පොසොන් පුණු පොහෝ දවස්හි දේවානම් පියතිස්ස රජු පළමුවරට හමු වු සේක. මිහිඳු මාහිමියන් තවත් ෂතර නමක් සමග වැඩියේ උපසම්පදාව පැතූ යමකු උපසම්පදා කිරීම සඳහා බවීඅනුජානාමි භක්ඛවේ සබ්බපච්චන්තිමේ ජනපදෙසුවිනයධර පඤ්චමෙන ගණෙන උපසම්පදං යන වාක්‍යයෙන් පැහැදිලි වේ. දූත පිරිස ගෞරවයෙන් පිළිගත් රජතුමන්ට ස්ථවීරයෝ දම් දෙසූහ. රජුගේ ම ආරාධනය පරිදි දූත පිරිස අනුරාධපුරයට වැඩියේ පසුදාය. එහි රාත‍්‍රිය ගතකළේ නුවරට ඉතා නොදුරු ඉතා නොළං මහමෙවුනා උයනෙහි පිහිටි රාජ මන්දිරයෙහිය. පසුව රන්කෙණ්ඩියෙන් අත පැන් වත්කොටමහමෙවුනා උයන රජු විසින් මහා සංඝයාට පූජා කරන ලදී. ආචාර්ය වල්පොල රාහුල හිමියන් පවසන පරිදී මහමෙවුනා උයන සංංඝයාට පූජා කිරීමෙන් පසු මහින්ද ස්ථවීරයෝ බුද්ධ ධර්මයෙහි පිළියෙල කරවන්නට යුහු යුහුව ක‍්‍රියා කළාහුය. මතු කලෙකදී මෙරට බෞද්ධ සභ්‍යත්වයෙහි හා සංස්කෘතියෙහි මහා කේන්ද්‍රස්ථානය ලෙස ද, ථෙරවාදයෙහි බලකොටුව ද වු මහා විහාරය බවට පෙරලුණේ මෙසේ මිහිඳු හිමියන් ආරම්භ කළ ස්ථානයයි. පසු කලක අනුරාධපුරය ශූද්ධ නගරය හැටියට සැලකුණ පෙදෙසෙහි මුල් සැලැස්ම හා වින්‍යාසය කරන ලද්දේ මිහිඳු මාහිමියන් විසිනැයි සිතීමට වැදගත් හේතු ඇත.

මහමෙවුනා උයන සග සතු කොට පූජා කිරීමෙන් අනතුරුව දෙසු අග්ගික්ඛන්දෝපමසූත‍්‍රය වූකලී භික්ෂුවක් තමන්ට සිවු පසයෙන් සංග‍්‍රහ කරන්නවුන්ගේ යහපත සැලසෙන පිණිස ද, තමන්ට පරම සුවය වු නිර්වාණය අත්වනු පිණිස ද, ස්වාර්ථය හා පරාර්ථය යන මේ අර්ථද්වය ම තකා සිල්වත් දැහැමි ජීවිතයක් ගත කළ යුතු බව කියන සූත‍්‍ර දේශනාවකි. අනුරාධපුරවරයේ විසිහය දිනක් වැඩ සිට මිහිඳු මාහිමියෝ පසුදා මිහින්තලාවට වැඩි සේක. එදිනම රජුගේ බෑනන්වු මහා අරිට්ඨ අමාත්‍යවරයා ඇතුන්‍දා 55දෙනෙක් පැවිදි වූහ. මේ පිරිස සමග එදා මිහින්තලාවේ වස් වැසීම පිණිස හැටදෙනමක් විය. එදා අනුරාධපුරවරයේ ගතකළ කෙටි කාලය තුළදී අනාගත මහා විහාරයේ සැලැස්ම රජතුමන් සමග පිළියෙල වු ආකාරය මහාවංශ විස්තරයෙන් දැකිය හැක.

මිහින්තලාවේ සිටින භික්ෂූන් හැට දෙනම සඳහා කඩිනමින් සෑගිරියේ කණ්ටක චේතිය අසල කඩිනමින් කුටි හැට අටක් සකස් විය. මේ මිහින්තලා කඳුවැටිය වාසස්ථානය කර ගනිමින් මිහිඳු මාහිමියෝ ශාසනික කටයුතුවල නිරතවු සේක. මිහින්තලාව මෙසේ ස්වකීය වාසභූමිය වු අතර අනුරාධපුර අගනුවර මහා විහාරය ගොඩනගා එය ලක්දිව ථේරවාදී බුදු සමයෙහි කේන්ද්‍රස්ථානය බවට පත් කළ සේක. උන්වහන්සේ ජීවිත කාලයේ අවසානය තෙක් සෑගිරියේ ජීවත් වු සේක. මහාවංශය නම් පුවත දක්වන්නේ සංවේගකර වචනවලිනි.

ඒ මහා මහේන්ද්‍ර ස්ථවීර වනාහි පර්යාප්ති, ප‍්‍රතිපත්ති, ප‍්‍රතිවේධ යන උතුම් බුදු සසුන මොනවට ලක්දිවහි බබුලුවා ලංකාවට ප‍්‍රදීපයක් බදු වූයේ මහා සමූහ ඇත්තේ ලක්දිව බුදුන් වැනි වූයේ බොහෝ ලෝ වැඩ කොට ඒ උත්තීය රජුගේ රාජාභිෂේකයෙන් අටවැනි ජය වර්ශයෙහි සැටවස් පිරුණු සේක් වස්සාන මාසයන්හි සෑගිරියෙහි විසූ සේක. ඒ වසමින් වප්මය ශූක්ල පක්ෂයෙහි අටවක් දවස් ද්වීප වර්ධනයට හේතුවු මහේන්ද්‍ර ස්ථවීර තෙමේ පිරිනිවන් පෑ සේක. ඒ අසා උත්තීය රජතෙමේ ශෝක නමැති හුලින් පහරන ලද්දේ සෑගිරි ගොස් තෙරුන් වැඳ නොයෙක් වර නොයෙක් පරිද්දෙන් හඩා සුවඳ තෙල් පුරවන ලද රන් දෙනක මහා ස්ථවීර දේහය යුහුව තබා මොනවට වසන ලද ඒ දෙන අලංකෘත රුවන් කුන්‍දාගෙයෙක්හි තබ්බවා කුන්‍දා ගෙය ගෙන්වා ගෙන සාධු ක‍්‍රීඩා කෙළවමින් ඒ ඒ දිගින් ආ මහත් ජන සමූහයා කැටිව මහත් වු භට සමූහයා ලවා පූජා විධාන කරවමින් සැරහූ මගීන් නොයෙක් ආකාරයෙන් සරහන ලද නුවරට ගෙන අවුත් මෙහි පැණවු මඝුවෙහි කුන්‍දාගෙය තබ්බවා කුන්‍දා ගෙය ගෙන්වා ගෙන සාධු ක‍්‍රීඩා කෙළවමින් ඒ ඒ දිගින් ආ මහත් ජන සමූහයා කැටිව මහත් වු භට සමූහයා ලවා පූජා විධාන කරවමින් සැරහූ මගින් නොයෙක් ආකාරයෙන් සරහන ලද නුවරට ගෙන අවුත් මෙහි පැන වු මඝුවෙහි කුන්‍දාගෙය තබ්බවා ෂත් දිනක් ඒ මහිපල් තෙමේ තොරණ කොඩි මාලා හා ගන්ධ පූර්ණ සමයෙන් ද විහාරයක් අවට තුන් යොදුනකුති රජහුගේ ආනුභාවයෙන් සරහන ලද්දේ විය. එසේම මුුලු ලක්දිව දෙවියන්ගේ ආනුභාවයෙන් සරහන ලද්දේ විය. ඒ මිහිපල් තෙමේ සත් දිනක් මුලුල්ලේ නා නා ප‍්‍රකාර පූජා ෂත්කාර කරවා පූර්ව දිශා භාගයෙහි තෙරුන්ගේ බද්ධ මාලක නම් තැන සුවඳ දර සෑයක් කරවා මහා සෑය ප‍්‍රදක්ෂිණා කරවමින් කුුන්‍දාගෙය එහි පමුණුවා දර සෑයෙහි තබ්බවා අන්තිම සත්කාරය කළේය. ධාතුන් ගෙන්වා මෙහි සෑයක්ද කරවී. ක්ෂත‍්‍රීය තෙමේ ධාතු භාගයක් ගෙන්වා සෑගිරි වෙහෙර ද සියලු විහාරයන්හි ද සෑ බැඳවී.


වංශකථාව පවසන පරිදී මිහිඳු හිමියන් ලක්දිවට පැමිණෙන කල උන්වහන්සේගේ වයස අවුරුදු දොළොසකි. (ද්වාදස වස්සිකො) මෙයින් අදහස් වන්නේ උන්වහන්සේගේ වයස අවුරුදු තිස් දෙකක් වු බවය. භික්ෂුවකගේ වයස් ප‍්‍රමාණය ගණන් බලනුයේ විසි වයස් වු කළ ලබන උපසම්පදාවෙනි. මේ අනුව මිහිඳු හිමියන් පිරිනිවන් පෑවේ අවුරුදු හැටේ (සට්ඨි වස්සො) දී යයි කීමෙන් අදහස් වන්නේ එකල උන්වහන්සේගේ වයස අවුරුදු අසූවක් බව කීමය. අනෙක් අතට සැට වයස් පිරුණු කල යන ප‍්‍රකාශයේ වයස් ගත වු කල යන අදහස ද ඇති බව සැලකුව මනාය.

දේවානම් පියතිස්ස රජුගේ සොහොයුරු උත්තිය රජු විසින් මිහිඳු මාහිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදු කොට උන්වහන්සේගේ ධාතුවලින් කොටසක් විහාරයේ තැන්පත් කොට විහාරයක් බැඳවු බව එයින් කියවේ. මිහිඳු සෑය නමින් පසිදු එම සෑය මිහින්තලා මහ සෑයට ආසන්නව පිහිටා ඇත. මිහිඳු මාහිමියන්ගේ අභාවයෙන් පසු ශාසනික කටයුතු අඩපන වූයේ නැත. ශ‍්‍රී ලංකාවේ බුද්ධ ශාසනය ස්ථීරව පිහිටු වීම පිණිස අවශ්‍ය කටයුතු උන්වහන්සේගේ ජීවිත කාලයේදීම සිදු වු බව වංශකතාවෙන් මෙන්ම අටුවා ග‍්‍රන්ථයන්ගෙන් ද පැහැදිලි වේ. මහමෙවුනා උයන පිළිගන්වා නොබෝ දිනකින්ම දේවානම් පියතිස්ස රජු මාහිමියන්ගෙන් ප‍්‍රශ්නයක් අසමින් දැන් බුදු සසුන මෙහි පිහිටියේදැයි විචාළේය. මේ ප‍්‍රශ්නයට ලැබුණු පිළිතුරු පොත්පත්වල විවිධාකාරයෙන් දැක්වේ. මහාවංශය හා දීපවංශය යන පොත් දෙකම මීට පිළිතුරු වශයෙන් සඳහන් කරන්නේ උපෝසථ කර්මය හා වෙනත් සංඝ කර්ම සඳහා බුද්ධ දේශනාවෙහි සඳහන් පරිදී සීමාවක් පිහිටුවුව හොත් පමණක් බුදුසසුන ස්ථාපිත වන්නේ යයි පිළිතුරු දුන් වගයි. විනය අටුවාව වු සමන්තපාසාදිකාවෙහි දැක්වෙන්නේ මීට සම්පූර්ණයෙන් ම වෙනස් පිළිතුරකි. මහරජ සසුන පිහිටියේ නමුත් මුල් බැසගෙන නැත යන්නයි. මුල් බැසගන්නේ කවදාදැයි රජු ඇසු ප‍්‍රශ්නයට මිහිඳු හිමියන් පිළිතුරු දුන්නේ ලක්දිවේම දෙමාපියන්ගෙන් ලක්දිවේම උපන් පුතකු ලක්දිවේම පැවිදිව ලක්දිවම පැවදිව ලක්දිවම විනය හදාරා ලක්දිවේම විනය සංඝායනා කළවිට සසුන මුල්බැස ගත්තාවේ කියායි. මේ පිළිතුරු දෙකම එකිනෙකට ව්‍යංජන වශයෙන් වෙනස් වූවත් අර්ථය අතින් එක සමාන බව ආචාර්ය වල්පොල රාහුල හිමියෝ ප‍්‍රකාශ කරති. සංඝකර්මයන් හිදී විනය සංගායනාව අවශ්‍යමය. සංඝ කර්මයන්ට සීමාවක් අවශ්‍යමය. සංඝයා ඉදිරියෙහි මහා අරිට්ඨ ස්ථවීරයන් විසින් විනය සංගායනා කිරීම සංඝ කර්මයන්ට සීමාවක් අවශ්‍යමය. සංඝයා ඉදිරියෙහි මහා අරිට්ඨ ස්ථවීරයන් විසින් විනය සංගායනා කිරීම සංඝ කර්මයක් හා සමානය. මෙසේ ගැනෙන විට ශාසනය පිහිටු වීම අන්තිමේදී සංඝයා පිහිටුවීමක් බවට පෙරළේ. එහෙයින් සීමාවක් හා විනය සංඝායනාවක් නැතිව සංඝයා පිහිටුවීමක් නොකළ හැකිය. මිහිඳු හිමියන්ගේ වැඩමවීමෙන් පසු ලක්දිව බුද්ධ ශාසනය ස්ථීරව පිහිටියේ ඒ  ආකාරයෙන් බව මෙම ප‍්‍රකාශයෙන් පැහැදිලි වේ. ලක්දිව බුදු දහම පිහිටුවීම පිළිබඳ සාම්ප‍්‍රදායික විශ්වාසයට පාදක වූයේද මෙම හේතුවයි.

මිහිඳු මහ රහතන් වහන්සේගේ ධර්ම දුත මෙහෙය සාර්ථක වී රට බුදු දහම පැතිර ගියේය. ලක්දිව ජීවත් වු මිනිසුන්ට මේ නව දහම මගින් නව ආලෝකයක් උදාවිය. බහුජනයාගේ යහපත සඳහා තම යහපත කැප කළ භික්ෂූන්ගේ අපිස් සිල්වත් ජීවිතයෙහි ආදර්ශය රජුට මෙන්ම ගැමියාට ද ප‍්‍රබෝධයක් විය. අලුත් ධර්මයෙහි ඉගැන්වුණු සදාචාර ශික්ෂාසංහිතාවෙන් ශාන්ත සුඛිත ජීවිතයකට මග පෑදුණේය.

සැදැහැවත් රාජ රාජ මහාමාත්‍යවරුන් මෙන්ම සාමාන්‍ය මහජනයා ද, සංඝයා වහන්සේ විෂයෙහි සිව්පස පූජා කරමින් උන්වහන්සේලාගේ ශාසනික කටයුතුවලට අතහිත දුන්හ. මිහින්තලාවේ පිළියෙල වු ලෙන් ආශ‍්‍රම මහා සංඝයාට පූජා කිරීමෙන් ඒබ ව පැහැදිලි වේ. සමහරක් ලෙන් ගිහි සැදැහැවතුන්ගේ නොදැනුවත් කමින් පූජා වී ඇත්තේ සිව් දිගින් පැමිණි නොපැමිණි භික්ෂු සංඝයා වහන්සේ වෙනුවට එක් භික්ෂුවකට පෞද්ගලිකව බව පෙනේ. මේ නිසා වෙන්දෝ එවැනි පූජා ලද භික්ෂුන් වහන්සේ ඒවා නැවත භික්ෂු ශාසනයට පොදුවේ පූජා කිරීමෙන් තමන් තුළ වු දැඩි විනය හා ශික්ෂාකාමිත්වය පෙන්වා ඇත. ගිහි දායකයකු ගල් ලෙනක් යම් භික්ෂුවකට ප‍්‍රදානය කළ කල්හි විනය නීති කඩකළැයි තමාට යමකු චෝදනා කළ නො හැකි වනසේ එම භික්ෂුන් වහන්සේ එය මුලු මහත් සංඝයාටම පූජා කළ බව පෙනේ.

තිසගුත - තෙරශ ශදිවිහරිය බරත මක්‍ඬිම – බණක තිශහ ලෙණෙශුදශනෙ අගත අනගත චතුදිශ ශගශ නියතෙ. තිස්ස ගුත්ත තෙරුන්ගේ සද්ධි විහාරික මක්‍ඬිම නිකාය භාණක බරත තිස්සගේ සුදර්ශන නම් වු ලෙණ පැමිණි-නොපැමිණිි සිව් දිග ෂංඝයා වහන්සේට පූජා කරන ලදී.

මෙවැනි සිල්වත් ධර්මධර භික්ෂූන් වහන්සේගෙන් මිහින්තලා පූජා භූමිය පිරී පැවතියේය. දුටුගැමුණු රාජ්‍ය සමයේ අනුරාධපුරයේ මහා විහාරික භික්ෂූන්ට සැලකූ සෙයින් චේතිය පබ්බතයේ හෙවත් සෑගිරියේ විසූ භික්ෂූ සංඝයා වහන්සේ රජතුමාගේ ගෞරවයට හා පූජාවට පාත‍්‍රවූවාට සැකයක් නැත. එහෙත් අනුරාධපුර මහා විහාරික භික්ෂූන් වහන්සේගේ විනය පරිහානිය බොහෝ විට රාජ සම්මාන හා සත්කාර නිසා පිරිහෙන්නට පටන් ගත්තා විය හැක. සුමංගල විලාසිනිය පවසන අන්දමට මහාවිහාරයේ භික්ෂූන්ට දන්දීම නැවැත් වු දුටුගැමුණු රජුගේ සොහොයුරු සද්ධාතිස්ස (ක‍්‍රි. පූ. 137-119) රජු චේතිය පබ්බත විහාරයේ භික්ෂූන්ට සිවුපසයෙන් සංග‍්‍රහ කිරීමට පෙළඹුනේය. මෙයට හේතු වශයෙන් දක්වා ඇත්තේ දන් පිළිගැනීමේදී භික්ෂූත්වයට නොගැලපෙන අන්දමින් හැසිරීමයි. සාගතය හා දුර්භික්ෂය වැනි කරුණු මෙයට හේතු වුවා විය හැක. මේ වකවානුවේ දී එනම් ලක්ජයතිස්ස රජු කාලයේදී (ක‍්‍රි.පූ. 119-109) කණ්ටක චේතිය සඳහා විශාල ධනයක් වියදම් කොට කළ ප‍්‍රතිසංස්කරණ කටයුතු හා කූටකණ්ණතිස්ස රජු (ක‍්‍රි.පූ. 41-19)සෑගිරියේ කළ මහා පෝය ගෙය නිසා ද ඇත් වෙහෙර කළ භාතික අභය (ක‍්‍රි.පූ. 19 – ක‍්‍රි.ව. 8)රජු නිසාද කසාවතින් මිහින්තලාව බැබබී ඇති බව කල්පනා කළ හැක. ක‍්‍රි.ව. පළමුවැනි සියවසේ උදාවත් සමග සෑගිරිය සඳහා මහා දාඨක මහානාග (ක‍්‍රි. ව. 9 - 21) රජතුමන් කළ පුද පූජා බොහෝය. වට්ඨ ගාමීමි අභය (ක‍්‍රි.ව. 89-77)රජුගේ කාලයේදී ලක්වදි පළමුවන සංඝභේදය ගැන වාර්තා වේ. තාවකාලික වශයෙන් තම රාජ්‍යයෙන් පිටව සිටි කාලයේ තමන්ට කරන ලද උපකාර නිසා කුපික්කල මහා තිස්ස තෙරුන්ට විහාරයක් කරවා වට්ඨ ගාමිණී අභය රජු අභයගිරිය නමින් එය පූජා කළේය. උන්වහන්සේ මුලදී වැඩසිටි ප‍්‍රදේශයේ ඉඩකඩම් ද උන්වහන්සේට කේතක පත‍්‍රයක ලියා දන්දී ඇත. මෙය විනය විරෝධී කටයුත්තක් ලෙස මහා විහාරික භික්ෂූහු තීරණය කළහ.  එහෙියින් එම භික්ෂූන් වහන්සේ මහා විහාරයෙන් නෙරපා හරින ලදී. උන්වහන්සේ හා එකතු වූ තවත් සංඝයා වහන්සේලා විහාරයෙන් නික්ම ගොස් අභයගිරියෙහි ලැගුම් ගත්හ. මේ ආකාර භික්ෂු ප‍්‍රශ්න ක‍්‍රමයෙන් පැන නැගෙන්නට විය. කණිරාජානුතිස්ස (ක‍්‍රි.ව. 31-34) රජුගේ කාලයේදී චේතියගිරි විහාරයේ උපෝසථාගාරය තුළ එබදුම කලහයක් ගැන සඳහන් වේ.

උපෝසථාගාරය තුළ පාප ක‍්‍රියාවක් කිරීම බරපතළ වරදකි. රජතුමන් කෙරෙහි කලකිරී සිටි භික්ෂූන් වහන්සේලා උපෝසථාගාරයෙහි දී ම රජතුමන් මරා දැමීමට කුමන්ත‍්‍රණය කළ හැටි මහාවංශය විස්තර කරයි.

දෙවන සියවසේ සිට ආන්ද්‍රදේශය හා ලංකාව අතර සංස්කෘතික සම්බන්ධතා පැවතිණ. එහි එවකට මධ්‍යස්ථානය වූයේ නාගර්ජුන කොණ්ඩයයි. නාගර්ජුනගේ මූලිකත්වයෙන් මහායාන අදහස් ව්‍යාප්තව ගිය මොහොතක සංස්කෘතික සම්බන්ධතා ඔස්සේ මෙම අදහස් ලංකාවට ද ගලා එන්නට විය. තුන්වන සියවසේ මහසෙන් රජුගේ (ක‍්‍රි. ව. 276 - 303) කාලයවන විට මහායානික අදහස් වලට මධ්‍යස්ථානය වූ අභයගිරියට සියලුම රාජ අනුග‍්‍රහයන් ලැබිණ. මහාවිහාර පාක්ෂික විහාරයන් විනාශ කළ රජතුමාට බියවු භික්ෂූන් පලා ගිය බව මහාවංශයේ එන කරුණු අනුව පෙනී යයි. මේ වනවිට අභයගිරි වාසී ධර්මරුචි නිකායික භික්ෂූන් චේතියගිරියේ හෙවත් මිහින්තලාවේ පදිංචිවීමට ගිය බව නිකාය සංග‍්‍රහය මෙන්ම චූලවංශය ද දක්වයි. චේතියගිරිය එවක් පටන් මහායාන බලපෑම් ලැබ අභයගිරි විහාරයේ පාලනයට නතුව ගිය හැටි මෙවැනි ඓතිහාසික සාධකයන්ගෙන් පැහැදිලි වේ. ථෙරවාද බුදු සමයට කේන්ද්‍රස්ථානයක් වු චේතියගිරිය සියවස් පහකට පසුව මහායාන බල මධ්‍යස්ථානයක් වීම ලක්දිව ශාසන ඉතිහාසයේ වැදගත් සිද්ධියකි.

චීන ජාතික වන්දනාකාර පාහියන් භික්ෂූන් වහන්සේ ලක්දිවට පැමිණ අභයගිරියේ නතරව සිටි කාලයේදී එනම් පස්වන සියවසේදී පවා මහාවිහාරික භික්ෂුන්ගේ බලයට වඩා අභයගිරි විහාරික භික්ෂුන්ගේ බලය වැඩිව පැවති බවත් රටවැසියා අභයගිරි විහාරයට සහයෝගය දැක්වූ බවත් ස්වකීය ගමන් වාර්තාවේ සඳහන් කරයි.  එකල අභයගිරියේ වැඩවිසූ භික්ෂුන්ගේ සංඛ්‍යාව මහා විහාරිය භික්ෂුන්ගේ සංඛ්‍යාවට වඩා වැඩිබවත් චේතියගිරියේ හෙවත් මිහින්තලාවේ පමණක් භික්ෂුන්වහන්සේලා දෙදහසක් වැඩසිටි බවත් පෙන්වා දෙයි.  උදාවී පැවති තත්ත්වය අනුව මේ වන විටත් මිහින්තලාව අභයගිරියේ පාලනයට නතුව පාක්ෂික විහාරයක් බවට පත්වී අවසානය.  ධාතුසේන රජතුමා (කි‍්‍ර.ව.459-477) මහා විහාරයට පක්ෂපාතී කම් දැක්වීමට උත්සාහ ගත් නමුදු එසේ කිරීමට තනි කැමැත්තෙන් නොහැකි විය.  එතුමන්ගේ ශාසනික කටයුතු විමසන විට ථෙරවාද මහායාන දෙපක්ෂයටම එතුමන් සංග‍්‍රහ කළ බව පෙනේ.  ධාතුසේන රජු සෑගිරියෙහි අම්බස්ථල විහාරයද, ථෙරිය නිකායට පූජාකිරීමේ අදහසින් එහි නවකම් කළ නමුදු මහසෙන් අවධියේ පටන් සෑගිරියේ වැඩවිසූ ධර්මරුචිකයන්ගේ බහට සවන් දෙමින් එම විහාරය ධර්මරුචි නිකායට පූජාකළ බව මහාවංශයෙන් හෙළිවේ.

සෑගිරියේ හෙවත් මිහින්තලාවේ මහායාන බලපෑම් කෙතරම් වීද යත් හත්වන සහ අටවන සියවස වන විට මහායානක බුද්ධ ධර්මයට අයත් සූත‍්‍ර රාශියක් තඹ තහඩුවල සහ ගලේ කොටා තිබී මිහින්තලයෙන් හමුවී ඇත.  ඉදිකටු සෑයෙන් සොයාගත් තඹපත් ඉරුවල ලියා තිබුණේ මහායානිකයන්ගේ වැදගත් දේශනාවක් වූ ජංචචිංසති සාහස්රි්ක ප‍්‍රඥා පාරමිතාවයි.  එසේම කාෂ්‍යජ පර්වතය ද ඒ සඳහා බලපා ඇති අයුරු පැහැදිලිව ඇත.  මේ තඹපත් ධර්ම වස්තු වශයෙන් ස්තූපයේ තැන්පත් කර තැබීම වුවද මහායාන අදහසකි.  අම්බස්ථල දාගැබට නුදුරු ගලක පේළි විසිඑකකින් කොටා ඇති සංස්කෘත ලිපිය බුදුන්වහන්සේගේ ති‍්‍රකාය වූ ධර්මකාය, සම්භෝගකාය සහ නිර්මාණකාය පිළිබඳව මහායාන ති‍්‍රකායස්ථව ග‍්‍රන්ථයේ ශ්ලෝක තුනක් බව හඳුනාගෙන ඇත.  ලක්දිව ථෙරවාද බුද්ධාගමේ පරිහානි ලක්ෂණ මේ ලෙසින් මිහින්තලා භූමියෙන් මතු වීම ලංකාවේ බුද්ධශාසන ඉතිහාසයේ ඛේදවාචකයක් බව මහායන උගත්තු සළකති.  මහායානයේ පිබිදීමත් සමඟම සංස්කෘත භාෂාව භාවිතයට ගෙන ඇති අයුරු මෙකී ලේඛනවලින් පැහැදිලි වේ.

නවවැනි දහවැනි සියවස්වල ලක්දිව ශාසනික තත්ත්වය පිළිබඳ කරුණු වඩාත් හෙළිවන්නේ හතරවෙනි මිහිඳු රජු (කි‍්‍ර.ව. 956-972) විසින් මිහින්තලාවේ පිහිටුවන ලද පුවරු ලිපිය මගිනි.  එම ලිපියේ දැක්වෙන කරුණු අනුව විහාර නීති රීති පනවා ඇත්තේ මේ අයුරිනි.  චේතියගිරි වෙහෙරෙහි ද අභයගිරි වෙහෙරෙහි ද වසන මහා භික්ෂු සංඝයාගේ මහා සන්නිපාතයක් කොට තම සහෝදර රජු විසින් චේතියගිරි විහාරයෙහි පෙර තබන ලද සිරිත් වලින් ද අභයගිරි විහාරයෙහි පෙර තබන ලද සිරිත් වලින් ද කැමති කරවා ගෙන එම විහාරයට ද මෙම සිරිත් තැබුවහොත් යෝග්‍යයැයි සුදුස්සන් හා සැසැඳි මේ විහාරයෙහි වාසය කරන මහා භික්ෂු සංඝයා වහන්සේට ද දායකයන්ට ද කාර්මිකයන්ට ද ඔවුන් විසින් කළ යුතු කටයුතුත් ලබන ආකාරයත් දිය යුතු ආකාරයත් ප‍්‍රකාශ කොට එක සමාන ආකාරයෙන් මේ සිරිත් තබන ලදි. 

භික්ෂුන් වහන්සේගේ යුතුකම් හා වගකීම් ද විහාර පාලනයේදී සේවකයන්ට ගෙවීම සිදු කරන ආකාරය හා විහාර පාලනය සිදු කරන ආකාරයද, සේවකයන් විසින් පිළිපැදිය යුතු නීති රීති යනාදියද මේ ශිලා ලේඛනයෙහි සඳහන් වේ. අනුරාධපුර මුල් යුගයේදී මෙවැනි පාලනයක් නොතිබුණි. එහෙත් කල්යත්ම නඩත්තුව සඳහා ඉඩකඩම් වැව් අමුණු ආදිය විහාරවලට පූජාවත්ම ඒවා පාලනය කිරීම පිණිස ගිහි කැපකරු පිරිසක් පත්කිරීමට යෙදුණු සැටි මේ ලිපියෙන් පැහැදිලි වේ.භික්ෂු ජීවිතයේ පරිමාර්ථයන්ට හරස්වන ඉඩකඩම් පාලනයෙන් භික්ෂුන් වහන්සේ හැකිතරම් දුරට ඈත්වීම පිණිස මෙම යෝජනා ඉවහල් වූවාට සැක නැත. අපිස් ජීවිතයක් ගතකළ භික්ෂූන් වහන්සේ ශ‍්‍රද්ධාවත් රජවරුන් නිසා එක අතකින් සිදු වුයේ ලෞකික ජීවිතයට බර සංකීර්ණ භාර¥ර ජීවිතයක් ගත කිරීමටය. සිරිලක බෞද්ධ ශාසනික ඉතිහාසයේ භික්ෂු හා ආරාම ජීවිත ගැන තොරතුරු සැලකිල්ලට භාජනය කරන කල මේ කරුණ කෙරෙහිද අපේ අවධානය යොමු විය යුතුය.

උගත් ධර්මධර විනයධර භික්ෂු සංඝයා වහන්සේලා සංඝ සංවිධානය තුළ කීර්තියක් හා ගෞරවයක් තිබූ බව හෙළිකරන වගන්ති ද මිහින්තලා පුවරු ලිපියේ දක්නට ඇත. දසුනක් වශයෙන් ගතහොත් මෙම විහාරයේ වාසය කරන විනය පිටකය කියන භික්ෂුන් වහන්සේලාට වස්ත‍්‍රයෙන් ආහාරයෙන් පස් කොටසක් සූත‍්‍ර පිටකය හදාරන භික්ෂූන් වහන්සේලාට කොටස් දොළොසක් ද දිය යුතු යැයි දැක්වීමෙන් පෙනියයි. භික්ෂූන් වහන්සේලාගේ ධර්මඥානය මෙලෙසින් ඇගයීමට පාත‍්‍ර වී ඇති සැටියෙන් එකල ආරාමවල භික්ෂු ජීවිතය පමණක් නොව අධ්‍යාපනයට හිමිව තිබූ තැන ද හෙළිදරව් වේ.

එකල මිහින්තලාවේ ඇදහිලි , විශ්වාස මෙන්ම ආගමික උත්සවකිහිපයක් ගැන තොරතුරු ද මෙම මිපියෙන් ලැබේ. ඇදහිලි විශ්වාස ගැන සඳහන් කරනවිට එක්තැනක නයින්ද නම් ගෘහයක් හා මිණිතාල් දෙව්දුවගේ ගෙයක් ගැනත් සඳහන් වේ. නයින්ද යන්න නාථෙන්ද්‍ර හෝ නාගේන්ද්‍ර යන ශබ්දයන් දෙකින් එකක් හා සම්බන්ධ විය යුතුය. මෙහිලා පරණවිතාන සූරීන්ගේ අදහස වූයේ නාථ දෙයවින්ගේ ප‍්‍රතිමාවක් නිසා මේ නම ඇති වු බවයි. විමලකීර්ති හිමියන්ගේ අදහස වූයේ මුචලින්ද නාග රූපයක් නිසා නයින්ද යන නමිභාවිතා වු බවයි. එහෙත් මිණිතාල් යන්නෙන් තාරාදේවිය අදහස් කළහොත් නයින්ද යනු නාථ හෙවත් මාහායාන බෝධි යනු නාථ හෙවත් මහායාන බෝධිසත්ව වරයෙකු වන අවලෝකිතේෂ්වර නාථ වශයෙන් සැලකීමට සිදුවේ. මණීතාල් දෙවිඳුන් යනු නාථ දෙවියන්ගේ භාර්යාව වන තාරා වශයෙන් පිළිගැනීමට පරණවිතාන සූරීන් පෙළඹී ඇත. විහාරවල නාථ හා තාරා දේවියගේ ප‍්‍රතිමා තනා වන්දනා කිරීම එකල සිරිතක්ව පැවති බව එයින් අදහස් කෙරේ. අනුරාධපුර යුගයේ අග භාගය වන විට මහායාන ඇදහිලි වලට කේන්ද්‍රස්ථානයක්වු මිහින්තලාවේ අවලොකිතේශ්වර හා තාරා දෙවගනගේ ප‍්‍රතිමා තැන්පත් කොට පිළිම දෙකක් තිබීම පුදුමයට කරුණක් නොව සාමාන්‍ය සිද්ධියකි. තවත් සමහර උගතුන්ගේ මතය අනුව නා රජුන් හා නාගිනියන් එකල වන්දනාමානයට පාත‍්‍ර වු බවට නයින්ද හා මණිතාල් යන වචන දෙක සාදක වන්නේය.

මිහින්තලාවේ එකල පැවති උත්සව අතර අනුබුදු මිහිඳු හිමියන් ස්මරණය කරමින් උන්වහන්සේට ගෞරව පිණිස සිදු වූ මහ පෙරහැරක් ද විය. ශ‍්‍රී මේඝවර්ණ රජතුමන් විසින් සිව්වන සියවසේ දී ආරම්භ කරන ලද මෙම පූජා උත්සවයේදී මිහිඳු හිමියන්ගේ ප‍්‍රමාණයට තැණූ පිළිරුවක් වප් මස පුරසතවකදා මිහින්තලා අඹතලා වෙහෙරට වැඩම කරවීය. මෙම උත්සවය පැවැත්වුණු දිනයේදී මග දෙපස මහා උත්සව පවත්වන ලද්දේ ය. වප්මස නවවකදා  මිහින්තලය සිට අනුරාධපුරය තෙක් මග සරසා රජතෙමේ ගිහි පැවිදි පිරිස සමග මහ පෙරහරින් මිහිඳු රුව රැගෙන ගොස් නුවර නැගෙනහිර දොරටුව අසල කළ සොත්ථියාකාර විහාරයට වඩා ගෙනගොස් තුන් දවසක් එහි වස්වා නුවර මැදින් මහා විහාරයට වැඩම කරවා මිනිසුන්ට දකිනු පිණිස මහ බෝමන්‍දාවේ තෙමසක් වැස්වීය. අන්තිමේදී නුවර ගිණිකොනින් රජගෙදර අසල විශේෂ මන්දිරයක් කරවා රජතෙමේ මිහිඳු පිළිරුව එහි වැස්වීය. එ මන්දිරයේ ඉට්ඨීය තෙරුන්ගේ ද මිහිඳු හිමියන්ගේද සෙසු සහවර පිරිසගේ ද පිළිරූ කරවා පිහිටු වීය. ඔහු ආරක්ෂාව ද පූජාව ද වැටුප් ද තබාමතු එන රජවරුන්ද අවුරුදු පතා මෙම උළෙල පැවැත්විය යුතු යැයි නියෝගයක්ද කළේය.24  එතැන් පටන් පසු පැරණි රජවරුන් මේ නියෝග ඵිළිපැද්ද බවත්, 13වන සියවසේ දී පවා මෙම චාරිත‍්‍රය ලක්දිව පැවති බවත් වංශකථාවෙන් පෙනේ.  ධාතුසේන රජතුමා පවා මිහිඳු උත්සවය පැවැත්වූ බව මහාවංශය සදහන් කරයි.මහාදාඨක මහානාග ඍජුගේ මිහින්තලා සෙල්ලිපියේ මිහිඳු හිමියන් ප‍්‍රමුඛ භික්ෂූන් වහන්සේ තිදෙනෙකුගේ ප‍්‍රතිමා රැුකබලා ගැනීම වෙනුවෙන් පිදූ ගම්බිම් ගැන සඳහන් වන බැවින් ක‍්‍රිස්තු වර්ෂ පළමුවැනි සියවසේදී පවා මිහිඳු පිළිතුරු වන්දනාව ප‍්‍රචලිතව පැවති බව සිතිය හැක. එහි ආරම්භය උත්තිය රජුගේ කාලයේ විය හැක.

සිංහල ජාතිය අවදිකර ලොවට ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක් හා සංස්කෘතියක් ද දායාද කළ මිහිඳු මාහිමියන්ට මුන්‍දා මහත් ශ‍්‍රී ලංකා ජනතාව ම ණය ගැතිය. උන්වහන්සේගේ ශ‍්‍රී නාමය වෙනුවෙන් අපේ පුරාණ රජදරුවන් මෙන් කෙළෙහිගුණ දත් සැදෑහැවත් ජනතාව ද, සෑම වර්ෂයක් පාසාම උන්වහන්සේගේ පරිණිර්වාණ දිනය සිහිපත් කොට පෙරහැර පවත්වති. පිං අනුමෝදන් කරවීම ෂත්ගුණවත් චාරිත‍්‍රයකි. අද මිහිඳු උත්සවය පවත්වනු ලබන්නේ උන්වහන්සේ ශ‍්‍රී ලංකාද්වීපයට වැඩම කළ පොසොන් පුර පසළොස්වක දා ය. එම උත්සවය ආරම්භ කළේ වලිසිංහ හරිස්චන්ද්‍ර මැතිතුමාණන්ය. මෙම උත්සවය කුමන දිනයක පැවැත්වූව ද  එය උතුම් පූජෝපහාරයකි. මිහිඳු හිමියන් මේ දිවයිනට නොවඩින්නට සිරිලක කිසිකලෙකත් ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානය නොවන්නේය. බෞද්ධ සංස්කෘතියක් ඇති දේශයක් ද නොවන්නේ ය. ශ‍්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතික ඉතිහාසය ගැන අභිමානවත්ව තොරතුරු හෙළිකිරීමට මිහින්තලාව තරම් සුදුසු ඓතිහාසික ස්ථානයක් වෙන කොතනකවත් නැත. මිහින්තලාව සිංහල ජාතියේ පුණ්‍ය භූමියයි. ලක්දිව බුදු දහමේ ජන්ම භූමියයි. එහි සෑම බිම් අගලක්ම පරිශූද්ධය. එහි වැඩෙන සෑම ගහකොළයක් ම පූජනීය වෙයි.

Memorial Foundation

songs banner-011

getsinhala