අනුරාධ සෙනෙවිරත්නයන් පිළිබඳ නොමැරෙන මතකය

‘‘සිංහල සාහිත්‍ය මූලාශ‍්‍රවල සඳහන් වන තොරතුරුවලට අනුව ක‍්‍රි.ව පහළොස්වැනි සියවසේ සිට ම බෞද්ධ අධ්‍යාපනික මධ්‍යස්ථාන වූ පිරිවෙන්වල සිංහල, පාළි සහ සංස්කෘත භාෂාවන් සමඟ ද්‍රවිඩ බස ද උගන්වා ඇති බව පෙනේ. ගිරා සංදේශයෙහි තොටගමුවේ විජයබා පිරිවෙන් වර්ණනයේ සඳහන් වන පරිදි එහි සංස්කෘත, මාගධ, සිංහල සහ දෙමළ යනාදී භාෂා මෙන් ම කාව්‍ය නාටක වැනි වෙනත් විෂයයන් ද ඉගැන්වූ අයුරු ‘‘පවසත් සකුමද එ`ඵ දෙමළ කවි නලූ’’ යන පද්‍ය පාඨයෙන් පැහැදිලි වේ.

එහෙත් යටත් විජිත අධ්‍යාපනයත් සමඟ අපගේ සම්ප‍්‍රදායික හරයන් ඉතා ඉක්මනින් අතුරු දහන් වී බෙදුණු ජාතියක් හා රටක් ඇතිවීමට මඟ පෑදුණේ ය.’’

ඉහත උපුටනය මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයන් ලියූ ‘‘එකල්හි සිංහලයෝ ද කොටියෝ ද මෙසේ ජීවත් වූහ.’’ යන කෘතියෙනි සිංහල හා දෙමළ සබඳතාවන්හි ආගමික හා සංස්කෘතික පසුබිම ප‍්‍රස්තුත කර ගනිමින් ලියැවුණු මේ නිබන්ධය සැබෑ ශාස්ත‍්‍රවන්තයකු ලෙස අන්තර් සංස්කෘතික අධ්‍යයන විෂයෙහි ලා ඔහු සතු ව තිබූ සංවේදී බවත් විචක්ෂණ බවක් පිළිබිඹු කරයි. අදින් වසරකට පෙර දැයෙන් සමුගත් මහැදුරු සෙනෙවිරත්නයන්ගේ රූපකාය අප ඉදිරිපිට නැතත් ඔහුගේ නාමකාය තව බොහෝ කලක් යන තුරු අප අතර රැුඳී සිටීමේ අරුමයට හේතුව මෙ රට ශාස්ත‍්‍රාලයී ය උගතුන් අතර ඔහු කෙරෙන් ප‍්‍රකට වූ ශාස්ත‍්‍ර ගවේශණකාමය හා ගැඹුරු සමාජ දේශපාලන සංවාදයක් සඳහා ඔහුගෙන් ලද පිටුවහලයි.

සිංහල හා ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් ඔහු ලියූ සැත්තෑවකට අධික වූ කෘති සංඛ්‍යාවත් පුවත්පත් ලේඛන හා දේශනත් ඊට දෙස් දෙයි. ලංකා විශ්ව විද්‍යාලයෙන් සිංහල ගෞරව උපාධිය ලැබූ ඔහු 1965 දී ජර්මන් ශිෂ්‍යත්වයක් ලබා ‘හලේ’ විශ්ව විද්‍යාලයට ඇතු`ඵ විය. එහි දී ඔහුගේ විෂය ක්ෂේත‍්‍රය වූයේ ඉන්දු ආර්ය භාෂා පිළිබඳ තුලනාත්මක අධ්‍යයනය යි. එයින් ආචාර්ය උපාධිය ලැබූ ඔහු 1977 දී ෆුල් බ‍්‍රයිට් අධිශිෂ්‍යත්වයක් ලැබ ඇමරිකාවේ ඉනඩිියානා හා කැලිෆෝනියා යන විශ්ව විද්‍යාලවල පර්යේෂණ සහායකයකු වශයෙන් කටයුතු කළේ ය. 1988 දී ඔහු පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයක් ලබා එංගලන්තයේ ඔක්සෆර්ඞ් විශ්ව විද්‍යාලයේ සමාජ හා මානව අධ්‍යයන ආයතනයේ ආගන්තුක මහාචාර්යවරයකු වශයෙන් පර්යේෂණයන්හි නිරත වූයේ ය. 1988 දී ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පෙරදිග හා අප‍්‍රිකානු අධ්‍යයන ආයතනයට බැඳුණු ඔහු එහි වසර දෙකක කාලයක් ඉගැන්වීමෙහි යෙදෙමින් පර්යේෂණ කටයුතුවල ද නියැ`ඵණේ ය. ඉන්පසු ව පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙහි සේවයට බැඳුණු ඔහු පර්යේෂණ කාර්යයෙහි යෙදෙන අතරතුර සමාජ දේශපාල සංසිද්ධීන් පිළිබඳ විවෘතව ද අභීතව ද මත පළකරන්නකු හැටියට පෙරට පැමිණියේ ය. ’අ`දුරෙන් අප ආලෝකය කරා ගෙන යේවා.’’ (තමසෝ මා ජ්‍යොතිර්ගම ය* යනුවෙන් බෘහද්‍රාරණ්‍යක උපනිෂද්හි ඇතුළත් ප‍්‍රකාශය පරිදි ම අවදියෙන් කටයුතු කිරීම ඔහුගේ සිරිත විය. ඔහුගේ ශාස්තී‍්‍රය ජීවිතය ඇරඹුණේ දාර්ශනික චින්තාවන් පිළිබඳ අධ්‍යයනයෙනි. වෛදික යුගයෙන් ආරම්භ වන භාරතීය චින්තනය හැදෑරීමේ ප‍්‍රතිඵල ලෙස තම 18 වැනි වියෙහි දී ඔහු ලියූ උපනිෂද් - වේදාන්ත දර්ශනය නැමති කෘතිය ඒ පිළිබඳ නිවැරදි සාක්ෂියකි. එ මෙන් ම ලක්දිව වටදාගේ, ගම්පොළ යුගයේ කලා ශිල්ප, සංස්කෘතිය හා සමාජය, සංස්කෘතිය හා කලා ශිල්ප කන්ද උඩරට මහනුවර දළදා වරුණ, මිහින්තලාව සිංහල සංස්කෘතියේ උදාගිර, සිංහල ගී කාව්‍ය සංග‍්‍රහය සහ ඥාන දර්ශන යනා දී කෘති ශාස්ත‍්‍රකාමීන් අතරට ගෙනා අගනා සාහිත්‍ය හා සංස්කෘතික දායාද වශයෙන් අගය කළ හැකි ය. විධිමත් ශාස්ත‍්‍රීය ශික්ෂණයක් ලැබූ විද්වතකුගෙන් ප‍්‍රකට වන විවෘත බව, නම්‍යශීලි බව සහ සරල බව මහැදුරු සෙනෙවිරත්නගේ චරිතයෙහි කැපී පෙනෙයි. සරසවි අධ්‍යයන අංශවල ප‍්‍රමුඛ පෙළේ අසුන් මත කුහකකම, ඊර්ෂ්‍යාව සහ වෙළෙඳ ගැට ලැගුම් ගනිමින් සිටින යුගයක එබඳු ශාස්ත‍්‍රීය ශික්ෂණයක අවශ්‍යතාව තදින් කැපී පෙනේ. ඔහු දුර්ලභ ගණයේ රසිකත්වයකින් ජීවිතාලංකාරය ලද විද්වතෙකි. ජෝර්ජ් කීට්ගේ සමීප හිතවතකු වූ මහැදුරු සෙනෙවිරත්නයන්ගේ නිවසෙහි කීට් විසින් ප‍්‍රදානය කරන ලද සිතුවම් කිහිපයක් සුරැුකි ව තිබුණේ ය. එහි තිබූ ඇතැම් සිතුවම් විවාදාපන්න මාතෘකාවලට තුඩු දෙන සු`ඵ වුව ද මහැදුරු තුමා ඒවා අගය කළේ සැබෑ රසිකයකු ලෙස ය. එ මෙන් ම ශාස්ත‍්‍රීය ලේඛනවලට අමතර ව ඔහු ලියූ කාව්‍ය හා ගීත නිර්මාණ රැුසක් ද විය. ඒවා අත්පිටපත් වශයෙන් පවතී. 70 දශකයෙහි දී පමණ විවිධ කලාකරුවන් සහ කලා කෘති පිලිබඳ ව ඔහු ලියූ විචාර සටහන් රැුසක් ද වේ.

‘‘බුදු කරුණා දෑස තෙමී
මෙත් සිහිලැල් ඇද හැ`ඵණා
නිවා තාප ලෝ කතරේ
අමා සුවය ගලා බසී.’’

නන්දා මාලනියගේ රන් ස්වරය සවණ වැකෙන සෑම මොහොතක ම එම හෙ`ඞ් මිහිරට පදරුත් කැවූ මහැදුරු සෙනෙවිරත්නයන් පිළිබඳ මතකය අවදි වීම නිරායාසයෙන් සිදුවන්නකි. අන්තර් සංස්කෘතික අධ්‍යයනය විෂයයෙහි ශාස්ත‍්‍ර ගවේශකයන් විසින් අල්ප උනන්දුවක් දක්වන මෙ සමයෙහි මහැදුරු සෙනෙවිරත්නයන්ගේ ශාස්ත‍්‍රීය ලේඛනවල වැදගත්කම වඩාත් කැපී පෙනෙයි. මෙ රට සරසවිවල මානව හා ශාස්ත‍්‍ර පීඨ අර්ථවත් කිරීම සඳහා මානව විද්‍යා අධ්‍යයන ක්ෂේත‍්‍ර යාවත්කාලීන විය යුතු ය. තරුණ ශාස්ත‍්‍ර ගවේශකයන් හරවත් අරමුණක් වෙනුවෙන් පුරුදු පුහුණු කළ හැක්කේ එවිට ය. මහැදුරු අනුරාධ සෙනෙවිරත්නයන් හට කළ හැකි සැබෑ උපහාරය වන්නේ ද එය ම යැයි සිතමි.

තිඹිරියාගම බණ්ඩාර
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Memorial Foundation

songs banner-011

getsinhala