අනාගත පරපුර සඳහා දැනුම ඉතිරි කර දැයෙන් සමුගෙන ගිය මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න

පසුගිය වෙසෙක් පොහෝ දිනයෙහි රූපවාහිනී මාධ්‍යයෙන් සුපුරුදු කටහඩක් ඇසී මම තිගැස්සුණෙමි.  ඒ මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න, අප හිතවත් මහාචාර්යතුමන්ගේ කටහඩයි.  දළඳා මැදුර හා ඒ සමඟ බැඳුණු අනෙකුත් තොරතුරු රාශියක් පළ කරමින් කළ විස්තරයක් සහිත එම වැඩසටහනට සවන් දෙමින් මොහොතකට මම කල්පනාවේ නිමග්නව සිටියෙමි.  අනුරාධ සෙනෙවිරත්න මහාචාර්යතුමා දැනට අප අතර නොමැති බව එවේලේම පසක් වූයෙන් මා තුළ ඇති වූයේ දැඩි සංවේගී බවකි.එහෙත් එතුමා ලියූ පොතපතින්, දෙසූ දෙසුම්වලින්, එපමණක් නොව විටෙක හැගීම්බරව කළ වාදවිවාදවලින්, තවමත් එතුමාගේ නාමය අප මතකයේ සනිටුහන් වී ඇත.

පුරා දශක හතරක පමණ දීර්ඝ කාල පරිච්ෙඡ්දයක් තුළ, අනුරාධ සෙනෙවිරත්න විද්වතාණන් විශ්වවිද්‍යාල සේවයේ මෙන්ම පොදුවේ මහඟු සමාජ මෙහෙවරක ද යෙදෙමින් සිය දැනුම් සම්භාරය විද්‍යාර්ථීන්ට මෙන්ම ශාස්ත‍්‍රාභිලාෂී බොහෝ දෙනාට ද බෙදා දුන් බව අප‍්‍රකට කරුණක් වේ.  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු ලෙස එතුමා කළ ශාස්තී‍්‍රය සේවය වර්තමාන තරුණ පරපුරට අමතක වී නැතුවාට සැකයක් නැත.  විශ්වවිද්‍යාල සේවයෙන් විශ‍්‍රාම ලද පසුව ද එතුමා සිය දැනුම ගැඹුරු ශාස්තී‍්‍රය පොත්පත් මගින් ද, විවිධ ලිපි ලේඛන මගින් ද, බොහෝ විට ජනමාධ්‍ය මගින් ද සමාජයට බෙදා දෙන්නට පසුබට නොවීය.

මහාචාර්ය සෙනෙවිරත්න අතින් සිදු වූ අගනා මෙහෙවර හඳුනාගත් විශ්වවිද්‍යාල ආචාර්ය භවතුන් විසින් එතුමාට දක්වන ලද විශිෂ්ට උපහාරයක් ලෙස, ,අනුමෝදනා, නමින් අගනා උපහාර ලිපි සංග‍්‍රහයක් ප‍්‍රකාශයට පත් කරනු ලැබීම විශේෂ අවස්ථාවක් විය.  සේවය ඇගයීම, කළගුණ සැලකීම මෙන්ම ගුරු ගෞරවය දැක්වීම ද ශී‍්‍ර ලාංකික සංස්කෘතිය තුළ තවදුරටත් නොනැසී පවතින සාරධර්ම බව මෙම සත් කි‍්‍රයාවෙන් මනවා හෙළි වෙයි.

වත්මන් සමාජය තුළ ඉංගී‍්‍රසි හා සිංහල භාෂාද්වයෙන්ම පර්යේෂණ කටයුතුවල නිරත වන, එමෙන්ම ලිපි ලේඛන හා ග‍්‍රන්ථ රචනා කොට ප‍්‍රකාශයට පත් කරන, එපමණක් නොව ශාස්ත‍්‍රඥයකු ලෙස එවන් සේවයක් තමන් අතින් ඉටු විය යුතු බව තරයේම විශ්වාස කරන උගතුන් විශාල සංඛ්‍යාවක් නොමැති බව සලකන විට මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න විශේෂයෙන්ම ඉස්මතු වී පෙනෙන විද්වතෙකි.  පැරණි සාහිත්‍යය ගැන මෙන්ම සිංහල සංස්කෘතිය ගැන ද එතුමා දැක්වූ විශේෂ උනන්දුව සමඟ එම භාෂාද්වයෙන්ම ඊට අදාළ පොතපත හා ශාස්තී‍්‍රය ලිපි එතුමා අතින් ප‍්‍රකාශයට පත් වී තිබීම අනාගතයේදීත් විශ්වවිද්‍යාලවලත් එයින් පරිබාහිරව ශාස්තී‍්‍රය දැනුම ලබාගන්නට අපේක්ෂා කරන විද්‍යාර්ථීන්ගේ භාග්‍යයක් ලෙස සැලකිය හැකිය.

වසර හතළිස් අටක පමණ කාල පරිච්ෙඡ්යක් තුළ දී මහාචාර්ය සෙනෙවිරත්න විසින් ඉංගී‍්‍රසියෙන් රචනා කරන ලද කෘති තිස්හතරක් වන අතර සිංහලයෙන් රචිත ග‍්‍රන්ථ තිහක් ද ප‍්‍රකාශයට පත් ව තිබීම එතුමාගේ ශාස්තී‍්‍රය මෙහෙවර යම් තරමකට හෝ තක්සේරු කිරීමට උපකාරී වනු ඇත.  උක්ත භාෂාද්වයෙන්ම තමන් විසින් සකසන ලද ශෘස්තී‍්‍රය ලිපි අසූඅටක් පමණ වන සංඛ්‍යාවක් මගින් ද තමන්ට අදාළ විෂය ඥානය සමාජය වෙත බෙදා හැරීමට එතුමා සමත් විය.

වැඩි වශයෙන්ම සාහිත්‍යය හා සංස්කෘතිය යන විෂයයන්ට අදාළ ග‍්‍රන්ථ සම්පාදනයෙහි නිරත වූ මහාචාර්ය සෙනෙවිරත්න නිර්මාණ කාර්යයෙහිලා ද සිය කුසලතා උරගා බැලීමට පසුබට නොවීය.  ගීත රචකයෙකු සිය අත්දැකීම් හා දේශාභිමානී හැගීම් ද විෂය කරගනිමින් රසභාවපූර්ණ නිර්මාණ ඉදිරිපත් කිරීමෙන් ලබන සතුට හා තෘප්තිය මහාචාර්ය සෙනෙවිරත්නනට ද නොමඳව අත්විඳගන්නට ලැබෙන්නට ඇතැයි යන්න එතුමාගේ ඇතැම් ගේය පද දෙස බැලීමෙන් සිතාගත හැකිය.

බුදු දහමටත් සිංහල සංස්තෘතියටත් ඉමහත් ලැදි කමක් දැක්වූ මහාචාර්ය සෙනෙවිරත්න අතින් ලියවුණ ගී පද මාලාවන් හි ද එකී නැඹුරුව දක්නට හැකි වෙයි.  එතුමා විසින් රචනා කරන ලදුව සුජාතා අත්තනායක මහත්මියගේ සංගීතයෙන් හා ගායනයෙන් ඔපවත් වූ ,සමාධි බුදු ගුණ............, යන ගීයත්, විශාරද සනත් නන්දසිරිගේ සංගීතයෙන් හා ගායනයෙන් ගීතවත් වූ ,සංසාර දුර්ග මාර්ගයේ.............., යනාදී ගී සරල ගී අතර ජනපි‍්‍රය වූ ගී පද මාලා ලෙස දැක්විය හැකිය.

එයට තවත් නිදසුනක් ලෙස දක්වතොත්,
,සමනල කන්දේ - සිරිපා හෙවනින්
ශ‍්‍රද්ධා භක්ති ප‍්‍රවාහ ගලන්නේ
සත්රුවනින් පුරවා අප දේශය
සිව්මහ ගංගා ගලා බසින්නේ, යන ගීය සැලකිය හැකිය.  ,මට පළමුවත් මගේ මව්බිමය.  දෙවනුවත් මගේ මව්බිමය.  තෙවනුවත් මගේ මව්බිමය, යි යනුවෙන් තේජාන්විත ප‍්‍රකාශයක් කළ විශිෂ්ට ජනනායකයකුගේ එම දේශාභිමානී හැඟීම එම මව්බිමේ දූපුතුන් වන අප සිත් තුළ ද නැංවූයේ දේශාභිමානයකි.  මහාචාර්ය සෙනෙවිරත්න ගේ ගී පද අතර ,සත්රුවනින් පුරවා අප දේශය, යෙදුම අසන අපට ,අපගේ දේශය, යන උදාර හැඟීම මතු වන්නේ ද නිරායාසයෙනි.  බෞද්ධයකු වශයෙන් බුදුදහම කෙරෙහි මහාචාර්ය සෙනෙවිරත්න තුළ වූ ශ‍්‍රද්ධා භක්තිය හා මුසු වූ රමණීය පදවැල් මෙවන් ගීත කිහිපයකටම පාදක වී ඇති බව පෙනේ.

,දෙදහස් වසරක අපගේ උරුමය
සකල සිව් දිගින් දෙරණ පිදේවා
ඒ අභිමානය නංවා දස අත
නිදහස් ලෝකේ පෙරට ඇදේවා,   

අද වන විටුද බියෙන් වියුක්තව  නිදහස් සිතුවිලි සමඟ පෙරට ඇදෙන්නට වාසනාව හිමි කරගෙන සිටින අපට මෙවන් ගීපද සිය පෑන් තුඩින් සටහන් කොට එළිදක්වන්නට යොමු වූ මහාචාර්යතුමා අප අතර නොසිටීම සංවේගයෙන් යුතුව සිහිපත් වන්නකි.

බොහෝ විට ශෘස්ත‍්‍රවන්තයතකු, පඩිවරයකු පිළිබඳව වැඩි වශයෙන්ම අප සිහියට නැගෙන්නේ එවැන්නකු අතින් ලියවුණ ශාස්තී‍්‍රය පොතපත පිළිබඳ අදහස් ය.  ශී‍්‍ර ලංකා මාතාවගේ විශිෂ්ට දුහිතෘ රත්නයක් වන විශාරද නන්දා මාලනී, අප ආදරණීය ගායිකාවගේ මියුරු හඩින් ගැයෙන ,මුදු කරුණා දෑස තෙමි, නම් ජනපි‍්‍රය ගීතයේ රචකයා ද මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න බව දන්නා අය බොහෝ දෙනෙක් ඇතත් ඒ ගැන නොදන්නා අය ද සිටින්නට පුළුවන.  කෙසේ නමුදු එම ගීය දෙතුන් වරක් නොව අනේක වාරයක් ශ‍්‍රවණය කරන්නට අපට ඉඩ ලැබී ඇත.  මහාචාර්යතුමාගේ පාණ්ඩිත්‍යයට එක් වී තිබූ මෙම නිර්මාණ කෞශල්‍යය ද තවදුරටත් මෙරට ජනතාව වෙනුවෙන් ප‍්‍රකාශයට පත් කරන්නට අවකාශ නොලැබී ගියේ අටලෝ දහමට අනුව එතුමාට මෙලොවින් සමුගන්නට සිදුවීම නිසාය.  කෙසේ නමුදු, එතුමාගේ පෑන් තුඩින් බිහි වූ මෙවන් රසවත් හා අරුත්බර ගීත ඉදිරි පරපුරට ද රස විඳගැන්මට ඉතිරි වී තිබීම සතුටට කරුණකි.

වර්ෂ 1938 ජූලි මස 13 වැනි දා මහනුවර, ඊරියගම නම් වූ ගම් පියසෙහි උපත ලද අනුරාධ සෙනෙවිරත්න සිය බාල කාලය, ගැමි සංස්කෘතියෙහි රස, සුවඳ විඳගනිමින් ගත කිරීමට වාසනාව ලද්දේය.  ඔහුම පවසන පරිදි ,මවත් නොමරා, මමත් නොමැරී, නිවුන් දරුවකු ලෙස මෙලොවට බිහි වූ කුඩා අනුරාධ අනාගතයේදී මෙවන් ශාස්ත‍්‍රවන්තයකු වනු ඇතැයි දෙමාපියන් හෝ ගම් වැසියන් හෝ නොසිතන්නට ඇත.  ඉංගී‍්‍රසි බස ඉගෙනීම අද අපේ ඇතැම් දරුවන්ට ඉමහත් දුෂ්කර කාර්යයක් වී ඇතත් කුඩා අනුරාධ දරුවා ළමා වියේදී පේරාදෙණිය මල්වත්තට හා ඒ අසල වූ ගොල්ෆ් පිටියටත් ආ ගිය සුද්දන් ඉංගී‍්‍රසි කථා කරනු ඇසීමෙන් ඉංගී‍්‍රසිය තරමක් හුරුකරගනිමින් එම භාෂාව ඉගෙනීමට පදනම දමා ගත්තේය.  ,හිත ඇත්නම් පත කුඩාද, කීවාක් මෙන් ආශාව හා උනන්දුව ඇතොත් කළ නොහැක්කක් නැතැයි යන්න ඔප්පු කරමින් ඔහු බාල වියේ සිට ඉංගී‍්‍රසි බස ඉගෙන ගන්නට දැක්වූ ආශාව පසු කලෙක එම බසින් ශිල්ප හදාරන්නටත් අනතුරුව පර්යේෂණ  කටයුතුවල නියැලෙමින් ශාස්තී‍්‍රය ග‍්‍රන්ථ පළ කරන්නටත් පාදක වී ඇත.

,අපේ ගම මැදින් ගලා ගිය මහවැලි ගෙඟ් කුඩා කල දිය නාමින් හා පීනමින් විවේකය ගත කළ මා ගං ඉවුරෙන් එගොඩ තිබූ රබර් වත්තට ද පිය නැගුවේ ඔට්ටුපාලු හා රබර් ඇට ඇහිඳගනිමින් බමරුන් හා රබර් බෝල තනාගැනීමටය.  මේ කුඩා අනුරාධ දරුවා ගැමි ජීවිතයේ නිසංසල පරිසරය තුළ සැබෑ ළමා අවධියක් ගත කළ ආකාරයයි.  ඇමෙරිකාවේ දහසයවන ජනාධිපතිතුමා, ඒබ‍්‍රහම් ලින්කන් සිය පුත‍්‍රයාගේ ගුරුතුමාට යැවූ ලිපියකින් දරුවකු ළමා විය ගත කළ යුතු හොඳම ආකාරය ගැන කියවෙයි.  වර්තමානයේ කාර්යබහුල, සංකීර්ණ සමාජ පරිසරයෙහි එවන් ඉඩක් හා වාසනාවක් නොලබා යාන්ති‍්‍රක ලෝකයක හැදෙන වැඩෙන දරු පරපුර ගැන සිතන විට අනුරාධ සෙනෙවිරත්න මහතාණාන්ට බාල වියේදී හිමි වූ වාසනාව ගැන සිතා එතුමා කොතරම් තෘප්තිමත් වන්නට ඇද්ද යන්න සිතාගත හැකිය.

සිය වෘත්තිය කාලය තුළදී දෙස්විදෙස් අත්දැකීම් රාශියක් ලබමින් තම දැනුම පුළුල් කරගනිමින් ශාස්තී‍්‍රය සේවයේ නිරත වූ මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න හිත මිතුරන් අතර බෙහෙවින් සුහදශීලී පුද්ගලයෙකි.  එතුමා සමීපයෙහි සිටින සෙසු ආචාර්ය භවතුන්ට හෝ ශීෂ්‍යශිෂ්‍යාවන්ට හෝ මොහොතකටවත් සිනා පහළ නොවේ නම් ඒ පුදුමයකි. ජීවිතය ඉතා සැහැල්ලුවෙන් ගෙන කටයුතු කරන්නට හුරු පුරුදුව සිටි එතුමා යහපත් සැමියෙකි.  ආදරණීය පියෙකි.  දයාබර ගුරුවරයෙකි.  හිතවත් මිතුරෙකි.

මහාචාර්ය සෙනෙවිරත්න අතින් ප‍්‍රකාශයට පත් වූ ශාස්තී‍්‍රය ග‍්‍රන්ථ අතර, සංස්කෘතිය හා සමාජය (1971*, ගම්පොළ යුගයේ කලා ශිල්ප (1972*, සංස්කෘතිය හා කලා ශිල්ප (1981*, සිංහල ශිෂ්ටාචාරයේ උදාගිර (1993*, පුරාණ අනුරාධුපුරය (1995*, රංගිරි දඹුලු රජමහා විහාරය (1996*, පුරාණ සිංහල වාරි සංස්කෘතිය (2001*, ආදී සිංහලයෙන් රචිත ග‍්‍රන්ථ ද, ඔයැ ීචරසබටි දෙ ීසබය්ක් ක්‍සඩසකස‘්එසදබ :1989*ල ඊමාායසිඑ ඍසඑම්කි ්බා ක්‍ැරුපදබසැි :1990*ල ඔයැ ා්අබ දෙ ජසඩසකස‘්එසදබ-ඵසයසබඒකැ :1993*ල ඔයැ ්බජසැබඑ ්බමර්ාය්චමර් - ඔයැ ඵදබ්ිඑසජ ක්‍සඑහ :1994*ල ඡුදකදබ්බරමඅ් :1998* ආදී ඉංගී‍්‍රසියෙන් රචිත ග‍්‍රන්ථ ද සිංහල සංස්කෘතිය හා සමාජය අළලා ලියවුණ අගනා කෘතීන් ලෙස සැලකිය හැකිය.

මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න සිය දිවි ගමන් මගෙහිදී ඉටු කළ යුතුව තිබූ ශාස්ති‍්‍රය හා සාහිත්‍ය මෙහෙවර උපරිම ලෙස ඉටු කළ වටිනා පුද්ගලයෙකි.  ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පෙරදිග හා අපි‍්‍රකානු අධ්‍යයන ආයතනයෙහි :ීධ්ී* ද කලක් සේවයෙහි නිරත ව සිටි එතුමා ශී‍්‍ර ලංකා කලා මණ්ඩලයේ සභාපතී තනතුර දරමින් ද මහඟු මෙහෙවරක් ඉටු කළේය.  මෙරට ශාස්තී‍්‍රය හා භාෂා කෂේත‍්‍රයන්හි අගනා සේවයක් ඉටු කළ විශිෂ්ට විද්වතුන් වෙත .සාහිත්‍ය රත්න. නමින් විශේෂ සම්මානයක් රාජ්‍ය සාහිත්‍ය උළෙලේදී පිරිනැමිය යුතු බවට ශී‍්‍ර ලංකා කලා මණ්ඩලය ගත් තීරණය එතුමාගේ අදහසක් අනුව කි‍්‍රයාත්මක වූවකි.  මහාචාර්ය ඇම්.බී. ආරියපාල මැතිතුමන් පළමු වරට එම සම්මානයෙන් පුදනු ලැබුවේ ද මහාචාර්ය සෙනෙවිරත්න ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා කලා මණ්ඩලයත් සිංහල සාහිත්‍ය අනුමණ්ඩලයත් ගත් තීරණය සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු ඇමතිතුමා සහ සංස්කෘතික දෙපාර්තමේන්තුව ද විසින් අනුමත කරනු ලැබීමෙන් අනතුරුවය.  මේ දක්වාම රාජ්‍ය සාහිත්‍ය උළෙලේදී සිංහල දෙමළ හා ඉංගී‍්‍රසි අංශ තුනෙන්ම සුදුසු විද්වතුන්ට එම සම්මානය පිරිනැමෙන බව සිහි කරන විට මහාචාර්ය සෙනෙවිරත්නගේ අගනා සංකල්පය කොතරම් වටිනේද යන්න සිහි වෙයි.

මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න විටින් විට පුවත්පත් මගින් පැවසූ අදහස් වරෙක විවාද පන්න ඒවා විය.  සාහිත්‍ය කලාවන්ට හා සංස්කෘතියටත් දේශීය උරුමයන්ටත් ලැදි කමක් දැක්වූ එතුමා ඒ පිළිබඳ නිරතම අවධානයෙන් පසු වූ කෙනෙකි.  එතුමා ඇතැම් උගතුන් විවිධ කරුණු පිලිබඳ පළ කළ මත විවේචනාත්මකව විමසිල්ලට ලක් කරන්නට නිර්භීත ලෙස ඉදිරිපත් වූවෙකි.  විටෙක දැඩි ආවේගශීලි ලෙස අදහස් පළ කරන්නට පෙළඹුණ ද එයින් හෙළි වූයේ එතුමා තම විෂයට තිබූ ලැදිකම හා කැපවීම මිස අන් අයගේ මත නොඉවසීමක් නොවන්නට ඇත.  තමා ලද ශාස්ත‍්‍රඥානය ඉදිරි පරපුර වෙත දායාද කිරීමට නොමසුරු වූ එතුමා තමන් සතු පෞද්ගලික පුස්තකාලය ද සිය ප‍්‍රදේශයේ දරුවන්ට හා සියලු විද්‍යාර්ථයන්ට ද අවශ්‍ය විටෙක පරිහරණය කිරීමට පහසුකම් ලැබිය හැකි ස්ථානයක් බවට පත් කළේය.  එතුමාගෙන් ඉටු වූ මහඟු සේවය සිහිපත් කරමින් එතුමාගේ නිවසට යාබද මාර්ගය එතුමා නමින් නම් කිරීමට ද කටයුතු යෙදීම විශේෂ වූවකි.  මෙවන් මතකයන් අප අතර රඳවා තබා මෙලොවින් සමුගත් මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න විද්වතාණන්ට නිවන් සුව අත්වේවායි පතමි.

මහාචාර්ය කුසුමා කරුණාරත්න

Memorial Foundation

songs banner-011

getsinhala