කාව්‍ය ශෘස්ත‍්‍ර විනෝදයෙන් කල් ගෙවූ අපේ මහැදුරුතුමා

මිනිසා ස්වකීය ජීවිතාරම්මණයන්, ජීවිතාභිමාර්ථයන් සහ අපේක්ෂීත ඉලක්කයන් කරා පියවර නැගීමේදී ඒ සඳහා නොපසුබස්නා උත්සාහයෙන් මෙන් ම උට්ඨාන වීර්යයෙන් කටයුතු කළ යුත්තේ ය.  එහිදී සුපුෂ්පිත මල්ගොමු මෙන් ම රුදුරු කටු පඳුරු ද පෙර මගට හමුවන බව නොකිවමනා ය.  එසේ වතුදු බාධක මධ්‍යයේ ලද ජයග‍්‍රහණයෙන් දිවිතුරා චිත්තප‍්‍රමෝදය පිණිස ම වන්නේ ය.  මේ පූර්විකාව අප විසින් දක්වනු ලැබූයේ මල්ගොමු මෙන්ම ගිරිදුර්ග,

කටුකොහොල් මතින් ජීවිතය දිනා දශක හතරක් පමණ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු වශයෙන් සේවය කළ මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයන්ගේ අභාවයෙන් වසරකට ආසන්න කාලයක් පිරීම නිමිත්තෙන් එතුමන් පිළිබඳ යමක් පවසනු රිසියෙනි.

1938 ජූලි මස 13 වන දින මහනුවර, පේරාදෙණිය, ඊරියගම ග‍්‍රාමවරයෙහි එතුමාණෝ උපත ලදහ. පේරාදෙණිය සිරි සුබෝධාරාමයේ එවකට ආධිපතිත්ත්වය ඉසුලූ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් වැල්ලේ අකුරු ලියමින් අත්පොත් තැබූ සෙනෙවිරත්නයෝ ඊරියගම ගමේ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූහ.  තදනන්තරව මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළත් ව ඉංග‍්‍රිසි මාධ්‍යයෙන් උසස් අධ්‍යාපනය හදාරා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් ව සිංහල විශේෂවේදී ගෞරව උපාධිය ද ඔවුහු හිමි කර ගත්හ.  .මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම. බව නිරන්තරයෙන් සිහි කළ මහැදුරුතුමා තම ජීවිතයේ පළමු පත්වීම 1958දී හඟුරන්කෙත මධ්‍ය විද්‍යාලයෙන් ආරම්භ කළේය.  1960 දී මාතලේ අකුරම්බොඩ මධ්‍ය විද්‍යාලයට ද, එතැනින් හල්ඹළුව හා පේරාදෙණිය මහා විද්‍යාලයට ද, මාරුවීම් ලද සෙනෙවිරත්න ඇදරිඳුහු තමා දැන උගත් දෑ දැයේ අනාගත පරම්පරාවට දායාද කිරීමේ ව්‍යාවෘත වූහ.


1967 දී සම්මාන සහිත ආචාර්ය උපාධිය ලබාගත් අනුරාධ සෙනෙවිරත්න 1968 දී කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ කථිකාචාර්යවරයකු වශයෙන් විශ්වවිද්‍යාල සේවයට එක් වූහ.  1973 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයට එක්වූ එතුමා කථිකාචාර්ය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, සහාය මාහාචාර්ය, මහාචාර්ය, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, අංශාධිපති ධූරය දක්වා ආ ගමන් මග සියලු ගුරුභවතුන්ට මහත් වූ පූර්වාදර්ශයක් බව නොකියා ම බැරි ය.  ,විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු වශයෙන් එතුමා දැරූ ආකල්පය ස්වයං චරිතාපදානයක් බඳු එතුමා විසින් අනුමෝදනා-මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න උපහාර ලිපි සංග‍්‍රහයට .මගේ මතකය. මැයින් ලියූ ලිපියෙහි දක්වා ඇති සඳහනක් උපුටා දක්වනු කැමැත්තෙු. ,තමාගේ වෘත්තිය දෙස බලන කල නව දැනුමින් ගුරුවරයා සන්නද්ධ වීම විශේෂ ය. ඒත් සමඟ පොත පත ඇසුරින් ලබන දැනුමට අමතරව පර්යේෂණ මගින් ඔහුගේ දැනුම ප‍්‍රකට කිරීමත්, රටට ඒ මගින් සේවයක් සැලසීමත් ගුරුවරයාගේ යුතුකම හා වගකීම ද වන්නේය.  මේ දෙකින් එකක්වත් ඉටු නොවන කල විශ්වවිද්‍යාල ගුරුවරුන්ගෙන්  බලාපොරොත්තු වන්නේ කුමක් ද?, විශ්වවිද්‍යාල ගුරුවරයෙකුගෙන් ඉටු විය යුතු යැයි තමන් අදහස් කළ දෑ හුදෙක් වචනයට පමණක් සීමා නොකොට ආදර්ශයෙන් ම ප‍්‍රකට කිරීමට අප මහැදුරාණෝ සමත් වූහ.  මෙහිදී සකුසාහිත්‍යාගත ශ්ලෝකයක් නිරායාසයෙන් අපගේ මතකයට නැගෙයි.


ර්‍ණකාව්‍ය ශාස්ත‍්‍ර විනොදෙන - කාලො ගච්ඡුති ධීමතාං

ව්‍යසනෙන ච මූර්ඛානාං - නින්ද්‍රයා කලහෙන වා”


කාව්‍ය ශාස්ත‍්‍ර විනෝදයෙන් ධීමතුන්ගේ කාලය ගෙවී යයි.  මෝඩයන්ගේ කාලය ව්‍යසනයන්ගෙන් හා නිදීමෙන් ගෙවී යයි යනු මෙහි අර්ථයයි.  මහාචාර්ය සෙනෙවිරත්න කාව්‍ය ශාස්ත‍්‍ර විනෝදයෙන් කෙතරම් ආඪ්‍ය වූයේ ද යන්න ඔවුන් විසින් වීරචීත ග‍්‍රන්ථාදිය විමසීමෙන් වටහා ගත හැකි ය. විශේෂයෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය හා කලා ශිල්ප ස්වකීය විෂය ක්ෂේත‍්‍රය වශයෙන් තෝරාගත් එතුමා තද්විෂය පිළිබඳ පිරිපුන් දැනුම් සම්භාරයකින් යුක්ත වූවකු වශයෙන් දෙස්-විදෙස්  පලාත ය.  ලක්දිව වටදාගේ (1966*, සංස්කෘතිය හා සමාජය (1971*, මහවැලියෙන් පිබිදෙන සංස්කෘතිය (1976*, සංස්කෘතික හා කලා ශිල්ප (1981*, සිංහල ශිෂ්ටාචාරයේ උදාගිර-මිහින්තලාව (1993*, පුරාණ සිංහල වාරි සංස්කෘතිය (2001* ආදි ග‍්‍රන්ථ ගණනාවක් සිංහල භාෂාවෙන් ද, ඔයැ ණ්බාහ .්.ි්ක් ඡුැර්යැර් :1978*ල ඨදකාැබ රදජන එැපචකැ දෙ ෘ්පඉමකක් ථ ක්‍්ඩැි දෙ සබසෙබසඑැ ඊමාාය්ි :1983*ල ඔර්ාසඑසදබ්ක ා්බජැ දෙ ීරස ඛ්බන් :1984*ල එයැ ඔැපචකැ දෙ එයැ ී්ජරුා ඔදදඑය ඍැකසජ ථ ්බ ්රජයසඑැජඑමර්ක යසිඑදරහ දෙ එයැ ා්ක්ා් ප්කසට්අ් - එයැ ිහපඉදක දෙ ඊමාායසිඑ ේසඑය ්බා ිදඩැරසටබසඑහ සබ ීරස ඛ්බන් :1987*ල  ඊමාායසිඑ ඍසඑම්ක ්බා ක්‍ැරුපදබසැි ථ එයැ ඔැපචකැ දෙ එයැ ීජ්රුා ඔදදඑය ඍැකසජ සබ ීරස ඛ්බන් :1990* ඔයැ ඊමාාය් ී්නහ්පමබස :1992*ල ඨදඒප් ඊමාාය් :1992*ල ඔයැ ාදඅබ දෙ ් ක්‍සඩසකස‘්එසදබ ථ ඵසයසබඒකැ :1993*ල ්බජසැබඑ ්බමර්ාය්චමර් ථ එයැ පදබ්ිඑසජ ජසඑහ :1994*ල ෘ්බජැ සබ ීරස ඛ්බන් :1994*ල ඔයැ ීඑදරහ දෙ ්බජසැබඑ ජසඩසකස‘්එසදබ දෙ ීරස ඛ්බන් :1997* ආදී විශාල ග‍්‍රන්ථ ප‍්‍රමාණයක් ඉංගී‍්‍රසි භාෂාවෙන් ද රචනා කළහ. මීට අමතරව දිනපතා පුවත්පත්වලට මෙන් ම සති අන්ත පුවත්පත්වලට ද, සඟරා ආදියට ද ලිපි ඉතා විශාල ප‍්‍රමාණයක් සපයා ඇත. දේශීය මෙන් ම ජාත්‍යන්තර සඟරා ගණනාවකින් ද සෙනෙවිරත්නයෝ ස්වකීය ප‍්‍රඥාලෝකය ශාස්ත‍්‍රාභිලාෂීන්ට ත්‍යාග කළහ.

’ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත’ යනුවෙන් අලගියවන්න මුකවෙටි සුභාෂිතයේ දැක්වුව ද අනුරාධ සෙනෙවිරත්නයට එය පොදු නොවී ය. වයස අවුරුදු 18 දී පමණ උපනිෂද් වැනි දාර්ශනික විෂයක් අරභයා එතුමන් විසින් විරචිතිඋපනිෂද්’ නමැති ප‍්‍රථම ග‍්‍රන්ථය ම මේ සඳහා සාක්‍ෂ්‍ය දරයි. ඉතිහාසය, පුරාවිද්‍යාව, සිංහල සංස්කෘතිය හා කලා ශිල්ප ආදී විෂයන් සඳහා සිංහල සහ ඉංගී‍්‍රසි උභය භාෂා මාධ්‍යයන්ගෙන් ම විරචිත කෘති, ලිපි ලේඛන එය තවදුරටත් සනාථ කරයි. සිදුහත් කුමරු ගිහිගෙයින් නික්ම තපසට වන් සැටි විස්තර කිරීම් වස් මහනුවර යුගයේ අප‍්‍රකට කවියකු විසින් විරචිත මහාබිනික්මන් කාව්‍යය වැනි කාව්‍ය සංග‍්‍රහයන් සංස්කරණය කරමින් මුද්‍රණද්වාරයෙන් පළ කළේ මතු පරපුරට හෙළයන් දායාද කළ දෑ සුරැුකිව දායාද කිරීමේ පරමාර්ථයෙනි.

එසේම මාහාචාර්ය ඞී. ඊ. හෙට්ටිආරච්චි, මහාචාර්ය සෙනරත් පරණවිතාන, මහාචාර්ය ඇම්. බී. ආරියපාල, මහාචාර්ය ජයදේව තිලකසිරි වැනි දේශීය ප‍්‍රාඥයන්ගේ ද, ඇමරිකානු ජාතික මහාචාර්ය ෙ–ම්ස් ගයර් වැනි විදේශීය විද්වතුන්ගේ ද නොමද ඇසුර ලත් සෙනෙවිරත්නයෝ සිංහල, පාලි, සංස්කෘත, ඉංගී‍්‍රසි දෑ භාෂා කිහිපය ම පාණ්ඩිත්‍යයක් ප‍්‍රකට කළෝය.

විශ්ව විද්‍යාල කිහිපයකින් ම ශිෂ්‍යත්ව හා අධිශිෂ්‍යත්ව හිමිකර ගැනීමට සමත් වූ අප මහාචාර්යවරයා ඒ හරහා ස්වකීය පර්යේෂණයන් සිදුකරමින් ශාස්තී‍්‍රය ජීවිතය ඔපවත් කර ගැනීමට සමත් විය. විශේෂයෙන් බෞද්ධ කථිකයකු වශයෙන් අන්තර්ජාතික සම්මන්ත‍්‍රණ ගණනාවකට ම සහභාගී වීමෙන් ජාත්‍යන්තර වශයෙන් මහත් කීර්තියක් ඔවුහු හිමි කර ගත්හ. මෙවැනි ශාස්තී‍්‍රය හා සමාජීය කි‍්‍රයාකාරකම් හේතුවෙන් ජාතික හා ප‍්‍රාදේශීය මට්ටමෙන් එතුමාට පිරිනැමුණු ගෞරව උපාධි නාමයන් ද කිහිපයකි. එයින් තව තවත් උද්යෝගිමත් වූ එතුමා දිගින් දිගට ම ශාස්තී‍්‍රය ගවේෂණයෙහි නියලුණේ ය.

විශ්වවිද්‍යාල ජීවිතයෙන් විශ‍්‍රාම ගැනීමෙන් පසු ද නිතිපතා විශ්විද්‍යාල පුස්තකාලය තුළට වී ශාස්ත‍්‍රාන්වේක්‍ෂණයෙහි යෙදෙනු පුස්තකාලයට පිවිසුණු අප නෙත ගැටුණු සුලභ දසුනක් විය. එතුමා ම දක්වා ඇති ආකාරයට ජීවිතයේ අවසානය දක්වා රටට සේවයක් කරමින් ඉදිරියට ම පියවර නැගීම ස්වකීය පරමාර්ථය වූයෙන් මෙසේ කාව්‍ය ශාස්ත‍්‍ර විනෝදයෙන් එතුමා ස්වකීය වටිනා කාලය ගෙවී ය. මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයන්ගේ දසක හතරකට ආසන්න විශ්වවිද්‍යාල මෙහෙවර සදානුස්මරණීය බව අවසාන වශයෙන් සඳහන් කරමු.


සහාය කථිකාචාර්ය මිනුවන්ගමුවේ මහානාම හිමි,

සිංහල අධ්‍යයනාංශය,

පේරාදෙණි විශ්වවිද්‍යාලය.

 

Memorial Foundation

songs banner-011

getsinhala