සිංහල සංස්කෘතික අධ්‍යයනයේ අසහාය නියමුවා මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න

ජූලි මස 13 වැනි දිනට යෙදෙන 73 වැනි ජන්ම ගුණානුස්මරනය නිමිත්තෙනි.

මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න පේරාදෙණි සරසවියේ සිංහල අංශයෙන් බිහි වුණු විශිෂ්ට ගණයේ ප‍්‍රාඥයෙකි. 2004 වර්ෂයේ අප පේරාදෙණි සරසවියට පිවිසෙන විටත් විශ‍්‍රාමිකව සිටි හෙයින් එතුමන්ගෙන් අධ්‍යාපනය ලැබීමේ දුර්ලභ භාග්‍යය අපට අහිමි විය. එහෙත් පළමු වසර සිසුන් ලෙස පේරාදෙණි සරසවියේ සත් මහල් පුස්තකාලයට නිතර ආගිය අපට එතුමාගේ දර්ශනය දුර්ලභ දෙයක් නොවීය. පුස්තකාලයේ ප‍්‍රවේශ දොරටුවට යාබදව ලංකා කාමරය ඉදිරිපිට ආචාර්ය මණ්ඩලය අරබයා පනවා ඇති ආසන පේළි දෙකෙහි ඉදිරිපසින් ම අසුන් ගන්නා එතුමා, භාරතීය යෝගීවරයෙකුගේ නොහොත් සෘෂිවරයෙකුගේ නිසල බවින් සේ ම රූපකායෙන් ද යුක්තව ස්වකීය පරිශීලන  කටයුතු කරනු අප දුටු සුලභ දර්ශනයක් විය.

දේශන ශාලාවක දී මහාචාර්ය සෙනෙවිරත්නයන්ගෙන් අධ්‍යාපනය ලැබීමේ වරමක් නොලද මුත් එතුමන් විසින් රචිත පොතපතින් අප උගත් දෑ බොහෝ ය. මහාචාර්ය සෙනෙවිරත්නගේ පර්යේෂණාක්‍ෂිය බොහෝ සෙයින් යොමු වී පැවැතියේ සිංහල සංස්කෘතිය හා එහි අංග ප‍්‍රත්‍යංග කෙරෙහි ය.

1938 ජූලි මස 13 වැනි දින මහනුවර දී උපත ලද මහාචාර්ය සෙනෙවිරත්නයන්ගේ ළමා අවධිය  සොඳුරු ලෙස ගෙවුණු පරිසරයේ ම පසු කලෙක පේරාදෙණි සරසවිය ඉදි විය. කුඩා කල කෙළි දෙළෙන් දුව පැන ඇවිද ගිය බිමෙහි ඉදි වුණු සරසවියෙහි පසු කලෙක මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන්නට වරම් ලැබීම කිසියම් ආකාරයකට එතුමන් ලද දෛවෝපගත භාග්‍යයක් වූවාට සැක නැත. පේරාදෙණි සරසවියෙහි උපත පිළිබඳ මහාචාර්ය සෙනෙවිරත්න සතු සොඳුරු මතකය එතුමන් ස්මරණය කර ඇත්තේ මෙසේ ය.

‘‘අපේ ගම මැදින් ගලා ගිය මහවැලි ගෙ`ග් කුඩා කල දිය නාමින් හා පීනමින් විවේකය ගත කළ මා ගං ඉවුරෙන් එගොඩ තිබූ රබර් වත්තට ද පිය නැගුවේ ඔට්ටපාලූ හා රබර් ඇට ඇහිඳ ගනිමින් බමරුන් හා රබර් බෝල තනා ගැනීමට ය. වැඩි කලක් නොයවා රබර් ගස් එකිනෙක බිම හෙළමින් සුවිසල් මන්දිර  ඒ භූමියේ ඉදිවෙනු මට දක්නට ලැබුණි. මගේ ගමේ මේ ඉදිවන්නේ ලංකා විශ්වවිද්‍යාලය බව තේරුම් ගැනීමට මට  කලක් ගත විය. සතර දෙසින් ඉලන්දාරි සිසුන් ද දේශ දේශාන්තරවල සුපතළ විද්වතුන් ද මේ අපරාජිත භූමිය කරා ඇදී ආවෝය.’’
(අනුමෝදනා උපහාර ලිපි සංග‍්‍රහය, (2004*, ංසං පිටුව*

පසු කලෙක ඒ අපරාජිත භූමිය කරා  පිය න`ගන්නට තරුණ අනුරාධ සෙනෙවිරත්නට ද හැකි විය. ඔහු 1963 වසරේ දී පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සිංහල අංශයට ඇතුළත් වන්නේ සිංහල ඉගෙනීමට පැමිණි විදේශීය සිසුනට හා උගතුන්ට එම ඉගැන්වීම් කටයුතු කිරීමට යි. එහි දී එතුමන්ට  අතහිත දුන්නෝ කීර්තිශේෂභාවෝපගත මහාචාර්ය ඞී.ඊ.හෙට්ටිආරච්චි සූරීහු ය. පසු කලෙක ජ්‍යෙෂ්ඨ  මහාචාර්යවරයෙකු දක්වා ගමන් කළ අනුරාධ සෙනෙවිරත්නයන්ගේ ශාස්ත‍්‍රීය ජීවිතයේ ආරම්භය එසේ සිදු විය. මහාචාර්ය සෙනෙවිරත්නයෝ 1965 දී ජර්මන් ශිෂ්‍යත්වයක් ලබා ‘‘හලේ’’ විශ්වවිද්‍යාලයට  ඇතුළු වෙමින් තුලනාත්මක ඉන්දු-ආර්ය භාෂා පිළිබඳ පර්යේෂණ කටයුතු කර  ස්වකීය ආචාර්ය උපාධිය හිමිකර ගත්හ. වඩාත් විශේෂ  කොට දක්වතොත් එම ආචාර්ය උපාධි නිබන්ධය ,්‍යසිඑදරහ ්බා එයැ ිඑරමජඑමරු දෙ එයැ  ිසබය්කැිැ ඩැරඉ, නම් වෙයි. 1977 දී ෆුල් බ‍්‍රයිට් අධිශිෂ්‍යත්වයක් ලැබ ඇමරිකාවේ ඉන්ඩියානා හා කැලිෆෝනියා විශ්වවිද්‍යාලයවල පර්යේෂණ සහායකයෙකු ලෙස කටයුතු කරන්නට ද 1988 දී  පොදු රාජ්‍ය මණ්ඩල අධි ශිෂ්‍යයත්වයක් ලැබ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ සමාජ-මානව අධ්‍යයන  ආයතනයේ ආගන්තුක මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන්නට ද එතුමාට හැකි විය. පසු කලෙක 1998 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පෙරදිග හා අප‍්‍රිකානු අධ්‍යයන ආයතනයට බැඳුණු මහාචාර්ය සෙනෙවිරත්න එහි වසර දෙකක් ඉගැන්වීම් හා පර්යේෂණ කටයුතු කළේය. අනතුරුව යළිත් පේරාදෙණි විශ්වවිද්‍යාලයේ  රාජකාරී සඳහා එක් වූයේය.

විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු ලෙස සතලිස් වසරක කාලයක් සේවය කර ඇති මහාචාර්ය සෙනෙවිරත්නයන් සිංහල හා ඉංග‍්‍රීසි භාෂාද්වයෙන් පළ කොට ඇති ග‍්‍රන්ථ සංඛ්‍යාව පනහකට අධික ය. පර්යේෂණ පත‍්‍රිකා, පුවත්පත් හා  වාරස`ගරා ලිපි සිය ගණනකි. මහාචාර්ය සෙනෙවිරත්නයන්ගේ දක්‍ෂතා ප‍්‍රකට වූයේ පර්යේෂකයෙකු වශයෙන් පමණක් නොවේ. රූපවාහිනී විචිත‍්‍රාංග රචකයෙකු හා ගී පද රචකයෙකු ලෙස ද එතුමා කීර්තියක් අත්කර ගෙන සිටියේ ය. නන්දා මාලිනිය විසින් ගයන ප‍්‍රකට බොදු බැතිි ගීතයක් වන ‘‘බුදු කරුණා දෑස තෙමී’’ ගීතය මහාචාර්ය සෙනෙවිරත්නගේ ප‍්‍රබන්ධයකි.

මහාචාර්ය සෙනෙවිරත්න තමාගේ විෂය ක්‍ෂේත‍්‍රය වූ සිංහල සංස්කෘතිය හා එහි අංග ප‍්‍රත්‍යංගවලට අදාළව පර්යේෂණ කෘති ගණනාවක් පළ කළේය. ඒ අතර ‘ලක්දිව වටදාගේ’ (1965*, සංස්කෘතිය හා සමාජය (1971*, ගම්පොළ යුගයේ කලා ශිල්ප (1972*, සංස්කෘතිය හා කලා ශිල්ප (1981*, කන්ද උඩරට මහනුවර (1989*, රන්ගිරි දඹුලූ රජමහාවිහාරය (1995*, පුරාණ අනුරාධපුරය (1994*, සිංහල ශිෂ්ටාචාරයේ උදාගිර - මිහින්තලාව (1993*, පොළොන්නරුව - මධ්‍ය කාලීන ලක්දිව අගනුවර (1998*, සිංහල වාරි සංස්කෘතිය  (2002*,  සිරි දළදා වරුණ (2001*, ලක්දිව බුදු දහම හා සිංහල සංස්කෘතිය  (2003* යන කෘති අතිශයින් ම වැදගත් වේ.

මුළු මහත් ජීවිත කාලය ම  ශාස්ත‍්‍රය වෙනුවෙන් කැප කළ මහාචාර්ය සෙනෙවිරත්න ලද දෙස් විදෙස්  සම්මාන ගණනාවකි. ශ‍්‍රී ලංකා රජය විසින් පිරිනමන ‘කලා කීර්ති’ සම්මානය 1994 දී එතුමාට හිමි විය. මල්වතු මහා විහාරය ‘ධර්ම ශාස්ත‍්‍ර විශාරද කීර්ති ශ‍්‍රී’ නමැති උපාධියෙන් එතුමාට හරසර දැක්වීය. දෙස් විදෙස් පතළ වියතුන් පිරිසක් එතුමන්ට බුහුමන් කළෝ විශිෂ්ට ගණයේ අභිනන්දන කලාපයක් එළි දක්වමිනි. මහාචාර්ය එච්.එම්.ඞී.ආර්.හේරත් හා මහාචාර්ය එම්.සෝමතිලක විසින් සංස්කරණය කරන ලදුව පළ  කරන්නට යෙදුණු ‘අනුමෝදනා’ උපහාර ලිපි සංග‍්‍රහය (2004* ඒ අභිනන්දන කලාපය යි. ශාස්ත‍්‍රීය වශයෙන් බරසාර ලිපි අඩංගු එහි මහාචාර්ය සෙනෙවිරත්නගේ ජීවන තතු සේ ම එතුමන්ගේ කෘති හා ලේඛන නාමාවලිය ද ඇතුළත් වේ. මේ හැරුණු කල විස්තරාර්ථින්ට අඅඅග්බමර්ාය්ිැබැඩසර්එබ්ගජදප වෙබ් අඩවියට පිවිසීමෙන් ද මහාචාර්ය සෙනෙවිරත්නයන්ගේ ශාස්ත‍්‍රීය මෙහෙවර පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිය.

සරසවි ඇදුරාගේ දේශපාලන භූමිකාව කෙබඳු ආකාර විය යුතු ද යන්න නූතන යුගයේ විවාදපන්න මාතෘකාවක් වී තිබේ. මහාචාර්ය සෙනෙවිරත්නයෝ සරසවි ඇදුරාගේ දේශපාලන භූමිකාව පිළිබඳ ව එදා දුර දක්නා නුවණින් මෙසේ ප‍්‍රකාශයක් කළහ.

‘‘දේශපාලනය තුළ විශ්වවිද්‍යාල ආචාර්යවරයාගේ කාර්යභාරය කුමක් විය යුතු ද? ජාතික ප‍්‍රශ්න හමුවේ ඔහු නොපැකිළව තම අදහස් පළ කළ යුතුය. එසේ වුවත් ඔහු ක‍්‍රියාකාරී දේශපාලනයෙහි නිරත නොවිය යුතුය. දේශපාලනඥයන්ට ගැතිකම් දක්වා ඒ මගින් නිලතල ලබා ගැනීම ද නොකට යුතු ය. එය ගුරු ගෞරවයට හානිකර බැවිනි. වර්තමාන දේශපාලනය සම`ග ගුරුකම යා කළ හැකියැයි මම නොසිතමි.’’

(අනුමෝදනා, (2004*, ගොඩගේ ප‍්‍රකාශන, ංංසං පිටුව.*

මහාචාර්ය සෙනෙවිරත්නයන් අපට අහිමි ව ඇත්තේ එතුමන් අප අතර සිටිය යුතු අත්‍යවශ්‍ය ම මොහොතක ය. සෙනෙවිරත්නයන්ගේ අභාවයෙන් සිංහල භාෂාවට, විශේෂයෙන් සිංහල සංස්කෘතික අධ්‍යයනයට සිදු වූයේ බරපතළ පාඩුවකි. සතළිස් වරසක් පුරා ශාස්ත‍්‍රයට ළැදිව ශාස්ත්‍රෝන්නතිකාමී ව එතුමන් විසින් සිදු කළ බරසාර මෙහෙවර සදාකල් ම මෙරට කුදු මහත් ජනයාගේ ගෞරවාදරයට පාත‍්‍රවන බව නිරනුමාන ය.


බුද්ධික කෝනාර,
පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශ සහය කථිකාචාර්ය

Memorial Foundation

songs banner-011

getsinhala