සෞන්දර්ය පුනර්ජීවනයේ යුග නියමුවා

උපාලි මුල්ලේගම හේරත්
ඒකාබද්ධ මහා ශීෂ්යර සංගමයේ හිටපු ලේකම්,
( 1974 – 1977 )

අද දශ්ය කලා සහ ප්රාමසාංගික කලා විශ්ව විද්යා ලය බවට සංවර්ධනය වී ස්ථාපිතව ඇති මෙරට ප්ර‍මුඛතම, උසස්, කලා අධ්ය‍යන ආයතනය මෙයට අවුරුදු හතලිහකට පෙර හැදින්වූයේ කැළණිය විශ්වවිද්යාසලීය සෞන්දර්ය අධ්යසයන ආයතනය නමිනි. එතෙක් පැවති රජයේ කලා හා කලා ශිල්ප විද්යාධලය , රජයේ සංගීත විද්යාහලය සහ රජයේ නැටුම් විද්යා ලය, ඒකාබද්ධ කොට ජාතික විශ්ව විද්යාවලය පද්ධතියට අන්තර්ග්රටහණය කෙරෙන්නේ, 1970 දී බලයට පත් වූ සමගි පෙරමුණ ආණ්ඩුවේ 1972 ජනරජ ව්ය‍වස්ථාවට අනුකූලව කෙටුම්පත් කළ උසස් අධ්යාඩපනික ප්රඅතිපත්තියට අදාල වූ විශ්ව විද්යාවල පනත අනුවය.

71 මහා මිනිස් ඝාතන රැල්ලෙන් සිදු කළ ශ්රීූ ලාංකේය නූතන ඉතිහාසයේ ප්රනථම සහ බිහිසුණුම ජාතික ඛේදවාචකය විසින් අමු සොහෙනක් බවට පත් කරනු ලැබුවාවූ රට, යළිත් මිනිස් වාසයක් කිරීම සඳහා සමගි පෙරමුණු ආණ්ඩුව ක්රිවයාත්මක කළ මානව හිතවාදි සහ ප්ර ගතිශිලි වැඩ පිළිවෙල අතර, ලලිත කලා අධ්යාාපනය විශ්ව, විද්යාරල මට්ටමට ඔසවා තැබීමද වැදගත් වේ.විවෘත විද්වත් සංවාදයකට භාජනය වී නොතිබුණත් එම ප්රදතිපත්තිමය ක්‍රියා මාර්ගය තුළ සමජ මනෝවිද්යාභනුකුලවූ, දේශපාලනික යටි අරමුණක්ද නොතිබුණා නොවිය හැක. තරුණ මදයෙන් උසිගැන්වෙන ප්රබචණ්ඩකාරී දේශපාලනයේ ගොදුරු බවට පත්වන තරුණ කොටස් එකී නොමඟ යාමෙන් වළක්වා ගැනීමට උදව්විය හැකි දීර්ඝ කාලීන මනෝසායනික ප්රඟතිකර්මයක් වශයෙන් කලා අධ්යාදපනය වැඩදායක වනු ඇතැයි යන නිර්දේශයක් අධ්යානපනඥයින් සහ සමාජ ‍මනෝවිද්යාතඥයින් විසින්ද නිර්දේශ කරනු ලබන්නට ඇති අතර, ඒ අනුව හෝ වෙනත් හේතූන් මත හෝ එදාගත් එම තීරණය සහ ක්රිේයා මාර්ගය උසස් අධ්යා පනික ‍ක්ෂේත්රසයේ සාධනීය මෙහෙවරක් ලෙස පිළිගැනේ.

පර්යේෂණාත්මක අත්හදාබැලීමක තත්ත්වයෙන් මෙන් ආරම්භවුණු සෞන්දර්ය අධ්යේයන ආයතනයට අයත් පැරණි ආයතනත්ර ය වූ චිත්රය, සංගීත සහ නැටුම් යන අංශවලට අනුයුක්තව ඒ වන විට ඉගනුම ලබමින් සිටි සමස්ත අභ්ය‍න්තර ශිෂ්යී ශිෂ්යා වන් පිරිසට මෙම පරිවර්තනය හේතුවෙන් ඇතිවන බලපෑම පිළිබඳව නිශ්චිත පැහැදිලි කිරීමක් එදා නිලවශයෙන් සිදු නොවුණි. එහි ප්රිතිඵලයක් ලෙස, අනාගත අස්ථිරභාවයෙන් අතරමං වූ අභ්යශන්තර සිසුන් තුළ පැන නැගුණු අසහනය ක්රථමයෙන් කලබලකාරී නොසන්සුන්තාවක් බවට වර්ධනය විය. එහෙත් ප්රථචන්ඩත්වයේ සේයාවක්වත් නොතිබුණු එහි විරෝධතාව පමණක් දැල්වුණි.

විශ්ව විද්යා.ල පද්ධතියට ඇදීම නිසා සෞන්දර්ය අධ්යණයන ආයතනයේ ශිෂ්ය සංගම් ක්රියයා කාරිත්වය තව දුරටත් හුදෙකලා සටනක තනි වී සිටියේ නැත. විද්යොකදය මහා ශිෂ්ය් සංගම් සභාපති මෙන්ම අන්තර් විශ්ව විද්යායලයීය ශිෂ්ය‍ බලමණ්ඩලයේද සභාපති වූ එස්. බී. දිසානායක සහෝදරයාගේ සෘජු මැදිහත් වීම හේතුවෙන් සෞන්දර්ය අධ්ය.යන ආයතනය පිළිබඳ ප්රිබල සන්නිවේදනයක් සමස්ථ විශ්ව විද්යාදල පද්ධතිය තුළටම ගෙනයාමට සමත් වීම නිසා වගකිවයුත්තන්ගේ නිසි අවධානය සෞන්දර්ය ප්රටශ්ණය දෙසට යොමු කිරීමට බල කෙරිණ.

එස්. බී. නියෝජනය කළ ලංකා කොමියුනිස්ටි පක්ෂයේ විශ්ව විද්යා්ල ශිෂ්යො ශාඛාව වූ ජාතික ශිෂ්යඅ සංගමය, සෞන්දර්ය ශිෂ්යු සංගමයේ මාර්ගෝපදේශකත්වය මෙන්ම සටන් ශක්තියද වෙමින් අභ්යාන්තර සිසුන් සඳහා උපරිම සාධාරණයක් ඉටුකරගැනීම වෙනුවෙන් අඛණ්ඩව සහාය දැක්වූයේ කොන්දේසි විරහිතව ඒ සැමට උපාධිය සඳහා පෙනී සීටීමේ අයිතිය හිමිකර දෙමිනි.

සටන එතනින් නතර වූයේ නැත. සෑබෑ අභ්යමන්තරික සටන, එනම් උසස් අධ්යාතපනික ප්රතමිතිය පිළිබඳ සටන ඇර‍‍ඹෙන්නේ එතැන් සිටය.ප්රා යෝගික නිර්මාණ කාර්යය කෙරෙහි වැඩි අවධානයක් සහිතව, සෛද්ධාන්තික පදනමක් මත පස් අවුරුදු පාඨමාලාවක් හදාරමින් සිටි විද්යාසර්ථීන් ශාස්ත්රී්ය අංශය කෙරෙහි අඵත් නැඹුරුවක් ඇතිකරගත් හැරවුම ඇතිවූයේ එතැනයි. එම නව හැරවුමෙහි නියමුවා වන්නට විශ්මිත බලයක් අතටගත් තෙදවත් නැණදුරෙකු මෙහි සැපත් වන්නේ පේරාදෙනි සරසවියෙනි.

සරච්චන්ද්රද නම් වූ යුග පුරිෂ ගුරු දේවයානන් නිසා බැබළුණු පිරිපුන් ශිෂ්යන රත්නයක්වූත්, තම ප්රුභා රශ්මියෙන් පෙරළා ගුරුදේවයන් බැබලවූ සුපතළ නැණ පහනක් වූත්, අනුරාධ සෙනෙවිරත්න යන ඔහු තම කීර්තිය, සෞන්දර්ය අධ්ය්යන ආයතනයේ නව යුගය බැබලවීම සඳහා යොදා ගත්තේය. සෙනෙවිරත්නයන්, සිය ප්රසමුඛ විෂය ක්ෂේත්රතය වූ සිංහල භාෂාවට අතිරේකව ඉතිහාසය, පුරාවිද්යාරව සහ බෞද්ධ සංස්කෘතිය යනාදී ‍ක්ෂෙත්රා ගණනාවක් පිළිබඳ හසළ බුද්ධිමතෙකු විය. ශාස්ත්රී් අංශයෙහි මුල්පෙළ විශාරදයෙකු වූ ලෙසින්ම ගීත රචනා සහ වෙනත් කලා දායකත්වයන් නිසා ඔහු වටා ගොඩනැගී තිබූ ආලෝකය, සෞන්දර්යාත්මක නොවූ අන්ධකාරයක සිරවී සිටි ගුරු ශිෂ්ය් දෙපක්ෂයටම බලාපොරොත්තුවේ නවෝදාවක් වූ බව රහසක් නොවේ.

ආචාර්ය සෙනෙවිරත්නයන් පිරවීමට පැමිණි පුරප්පාඩුව ඇතිකළ ආරම්භක ආයතන අධ්ය කෂවරයා සිසු අසහනය ඇවිලෙද්දී නිරුත්තර විය. එයම ඇවිලෙන ගින්නකට පිදුරු දැමීමක් වූ අතර අදාල තනතුරට පත්වන කවුරු නමුත් ගැන ශිෂ්යන කොටස් අතරේ පැවතියේ අඩමානයකි. හේතුව වූයේ ශාස්ත්රී ය විශාරදයින් යනු පරිපාලනයෙහි අදක්ෂයින්ය යන පොදු මතයයි. සෞන්දර්ය අධ්යරයන ආයතනයේ අධ්යේක්ෂධූරය පිළිබඳව මේ වන විට දැන සිටි හැම දෙනාටම පාහේ එය ගැන හිතන්නට ඇත්තේ, කටු ඔටුන්නක් හිස පැළඳගෙන පැය විසිහතරේම රත් වූ පාණ්ඩු කම්බල ශෛලාසනයක හිඳගෙන දැළි පිහියෙන් කිරි කෑමක් විදිහට විය හැක. එහෙත් එය, දහසක් මානව දයාවෙන් පිරි හැඟීම් ඇති ශාස්ත්රීිය සහ කලා යන දෙලොවක අධිපතියෙකුට සුදුසුම තැනද විය.නව පරිවර්තනයකට ලක් වූ උසස් කලා අධ්යා පනික මර්මස්ථානයක මින් පෙර නොවූ විරූ පරිපාලන කටයුතු පිළිබඳ සාවධානව සැළසුම් සකස් කරන්නටත්, ඒ සියල්ල මැද අඛණ්ඩව කරගෙන ගිය ශාස්ත්රීළය පර්යේෂණ සහ කලා කටයුතු සඳහා හිත යොමු කරන්නටත් දෑඅවුරුද්දක් තිස්සේ ඔහු හිද සිටි පුටුව ඔහුගේම ශරීර රශ්ණයෙන් උණූසුම් වූවා මිස සිසුන් එයට ගිණි තබන තැනට පත් නොකරන්නටත් අනුරාධ සෙනෙවිරත්නයන් අතින් ඉටු වූ මහඟු මෙහෙවරට හැකි විය.

ලලිත කලා උසස් උසස් අධ්යියනය සඳහා ජාතික මට්ටමින් පැවති උපරිම සහ එකම ආයතන පද්ධතිය වූ චිත්රත සංගීත සහ නැටුම් යන ආයතන එතෙක් පලනය වූයේ මෙරට නූතන කලා ඉතිහාසයෙන් වාර්තා ගත වූ අපූරුතම දෛවෝපගත පිහිටීමකට අනුවය. එනම් එකල දේශීය කලා ‍ක්ෂේත්රෛය බැබලවූ අග්රශගන්යි යුග පුරුෂයින් තිදෙනෙකු එම ආයතනවල මුලසුන් හෙබවීම වේ.මහගම සේකර චිත්රම අංශයේත්, අමරදේව සංගීත අංශයේත්, පණීභාරත නැටුම් අංශයේත් එකම කාලයක පාලන අධිපතීයන් වී සිටීම යනු දුලබ සරසවි වරමක සුසංයෝගී පිහිටීමක් බව අවිවාදාත්මකය. ඒ නිල සරසවි වරමට පෙර සමයයි.

අනුරාධ සෙනෙවිරත්නයන් සෞන්දර්ය අධ්ය යන ආයතනයේ අධිපතිධූරයට පත්ව එද්දී මෙම ත්රි්මූර්තිය තව දුරටත් එලෙසින්ම නොපැවතුණි.කලා කරුවකු තරමටම උත්තම ගණයේ මිනිසකු ලෙස ගුරු සිසු සැමගේ දැඩි ආදරය දිනා සිටි මහගම සේකරයන් අධ්යාිපන දෙපාර්තමේන්තුවේ වෙනත් ඉහළ තනතුරක් ලබා මාරු වී යාම නිසා සමස්ත ආයතන පද්ධතියටම දැනෙන්නට වූයේ නොමැකිය හැකි ආත්මීය පාළුවකි. එහෙත් එම සිත් පාළුව සුව කෙරෙන ඔසු බලයක් අනුරාධ චරිතයෙහි තිබීම සැමගේම පිනක් විය. මහගම සේකරයන්ගෙන් පසු චිත්රස අංශයේ වැඩ බැලීමට පත් වූයේද සේකරයන්ට පෙර අවධියේ ගීත ක්ෂේත්රියෙහි නමක් රැන්දූ ප්රටකට ගීත රචකයකුව සිටි පියසේන කොස්තා මහතාය. ගීත මෙන්ම චිත්ර් අංශයෙන් ද සේකරයන්ට වඩා පැරණි ගුරුකුලයට නෑකම් කී නමුදු කොස්තා මහතා මුලින් පැවති ත්රීශමූර්ති සුසංයෝගයේ ජීව ගුණය නොබිඳ අනුරාධ මෙහෙවරට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වූ නිහතමානි ගුරු පියෙකු විය.එබැවින් කිසිදු ආගන්තුක බවකින් තොරව, සෞන්දර්ය ඉදිරි ගමනේ, නඩේ ගුරා වීමට අනුරාධ සෙනෙවිරත්නයන්ට පහසුවූවා පමණක් නොව ආචාර්ය මණ්ඩලයේ සියළු ජ්යෙවෂ්ඨයින්ගේද ආශිර්වාදය ලබා ගැනීමෙන් සිය ගමනාන්තය දක්වා බාධාවන්ගෙන් තොරව යාම සහතික කරගැනීමටද හැකිවිණ.

ඇස්පනාපිටම පෙනෙන්නට තිබූ යටිතල පහසුකම් පිළිබඳ ප්ර ශ්ණ රාශියක් තිබුණද සෙනෙවිරත්නයන්ගේ ප්රටමුඛ අවධානය යොමුවූයේ මානව සම්පත සංවර්ධනය කිරීමේ අතිමහත් භාරදූර වගකීමටය. එනම් ත්රිපවිධ ආයතනයන්ට අදාල වූ විෂයානු බද්ධ ශාස්ත්රීරය සංවර්ධනයයි. මහා ශිෂ්‍ය සංගමය ප්රලමුඛ සියළු සිසුන්ගේ ඒකමතික ඉල්ලීම වූයේද උපාධිය සඳහා යෝග්යනතා ලබන නව අධ්යා්පන වැ‍ඩපිළිවෙල මගින් අන් විශ්ව විද්යා ලයන්ගේ ප්රයමිතිය හා සැසදෙන තත්ත්වයෙන් සෞන්දර්ය අධ්ය‍යන ආයතනය උසස් සංවර්ධනයක් කරා මෙහෙයවීමයි.

අළුත් සිසුන් බඳවා ගැනීම තාවකාලිකව අත්හිටවිණ. තුණ්වන වසරේ සිටි ශිෂ්යස ශිෂ්යාසවන් දෙවන වසරට ආපස්සට ගෙන අළුත් ශාස්ත්රීිය පාඨමාලාවකට අනුයුක්ත කෙරුණේ පොදු විශ්ව විද්යාුල ප්රකමිතීන්ගේ නිර්නායකයන්ට සමගාමී වූ විෂයානුබද්ධ න්යා්යික ඤාණයෙන් අධිසත්කාරක පෝෂණයක් ලබා දෙනු පිණිසය. ප්රායයෝගික විෂය පුහුණුව සිරිත් පරිදි සිදුකෙරෙන අතරේම සෛද්ධාන්තික හා න්යාෙයික දැනුම පුළුල් කිරීම සඳහා අඛණ්ඩ දේශන මාලාවක් අවුරුද්ද පුරාම පැවැත්වුණි.එහිදී සම්පත්දායකයින් වූ සම්භාවනීය විශ්ව විද්යාකල ආචාර්ය සහ මහාචාර්ය පිරිස මෙන්ම ඉහලම පිළිගැනීමකට ලක්ව සිටි කීරිතිමත් කලා කරුවන් සහ විවිධ විද්වතුන්ගේ සහභාගීත්වය ආචාර්ය සෙනෙවිරත්නයන්ගේ පෞද්ගලික සම්බන්ධිකරණය ඔස්සේම සිදු වූ බව අවධාරණයෙන්ම සඳහන් කළ යුතු වේ. ඔහුගේ ආරාධනයට අහක බැලු කිසිවෙකු සිටියේ නැත. සියළු ශාස්ත්රීුය විශාරදයින් පැමිණියේ ඉතා කැමැත්තෙනි. ඔවුහුද වෙනත් විදියක අළුත් සිසු පිරිසකට උගන්වන්නට ලැබීම ආශ්වාදනීය අත්දැකීමක් බවට පත්වූ බව මුව පුරා කියා සිටියාහ. එය අනුරාධ සෙනෙවිරත්න යන නාමයෙහි පැවති අනුහසම මිස අනෙක් ආකර්ශණයක් නොවේ. මෙලෙස සෞන්දර්යයේ ප්රමථම උපාධිධාරීන් කණ්ඩායම බිහිකිරීමේදී ඔවුන් වෙත අද්විතීය ඥාණ පෝෂණයක් ලබා දීම සඳහා මෙන්ම සෞන්දර්ය විෂය විශ්වවිද්යාීලකරණයේදී ඔහු කළ මෙහෙවර තවත් අධිපතිවරයෙකුට සම කළ නොහැකි විප්ලවීය කාර්යභාරයකි.‍

ශාස්ත්රීිය විශාරදත්වයත්, පරිපාලනමය කෘතහස්තභාවයත් එක හා සමානව පිහිටි අති දක්ෂ අසාමාන්යී පුද්ගලයෙකු ලෙස අනුරාධ සෙනෙවිරත්නයන්ට හිමිවන්නේ අසාමාන්යය තැනකි. ඔහු කටු ඔටුන්න මල් ඔටුන්නක් කර ගත්තේය. පඩුපුල් සළසුන සිසිලසින්ම තබා ගත්තේය. දැළි පිහියෙන් කිරි කනවා වෙනුවට දිනපතා සිසු දරුවන්ට සිප් කිරි පෙවීම තම දිනචරියාවට ඇතුළත් කර ගති. ඔහුගේ කරුණාබර සිත පරිපාලනමය ගැටළු වලින් තෙරපී නොතිබුණු බවට හොදම උදාහරණයක් නම් ඔහු ඉතා ලයාන්විතවූ කැපවීමකින් දෙසතියකට වරක් මෙහෙය වූ ‘‘ගීයක රස’’ නම් වූ ගුවන් විදුලි වැඩ සටහනයි. ඔහු ජීවිතය විදිමින් ජීවත්වූවෙකි. එබැවින්ම ඔහු සැමටම ප්රිගයමනාප විය.

‘‘ශිෂ්ය් සංගම් නායකයෝ නිරන්තරවම අධිපති සුවසුන් ගිණීයම් කරන්නෝ වෙති.’’ එදා අපේ සිනමා ගුරුවරයා වූ තිස්ස අබේසේකරයන් සෞන්දර්ය ශිෂ්යහ නායකයන් ගැන කීවේ එවැන්නකි. අනුරාධ සමයේ මහා ශිෂ්යබ සංගමයේ ලේකම්වරයා ලෙස වරින්වර උණුසුම් වූ මා, වහා සිසිල් කිරීමේ කරුණා ගුණයෙන් යුතුවූ ඔහු , එක් සවස් යාමයක ගුවන්විදුලි සංස්ථාව වෙත කැඳවාගෙන ගියේ ‘‘ගීයක රස’’ විදින්නටය. මඩවල එස් රත්නායක මහතා නිෂ්පාදනය කළ එම වැඩසටහන සීමාවී තිබුණේ ප්රරවීණයින්ගේ සහභාගීත්වය සඳහා පමණි. එහෙත් අනුරාධයින් විසින් මා වැනි නන්නාදුනන විශ්ව විද්යා්ල ශිෂ්යපයෙකු තම වැඩ සටහනට සහභාගී කරගනු ලැබ සම අසුන් පැනවීම යනු, ගුත්තිල මානසිකත්වයෙන් තොරව, ශිෂ්යම කේන්ද්රීුය ඇසින් මූසිලයන් දෙස බැලූ උත්තම ගුරු චරිතයක් ඔහු තුළ සහජයෙන්ම පැවති බවට සුළු උදාහරණයකි.

සාමුහික සමාජ ක්රි්යාකාරකම් තුළදී ප්රුජාතන්ත්රීවාදීව භාවිතයට ගැනිය යුතු සාධකයක් හෝ මූල ධර්මයක් ලෙස ‘‘සහභාගීත්වය’’ යන සංකල්පය විවිධ ‍ක්ෂේත්රමයන් තුළදී අද බහුලව සාකච්ජා කෙරේ. එය ජනප්රිිය ලෙස සමාජගත වීමට දශක හතරකට පෙරදී සහජඥානයෙන් ක්රි යාවට නැංවූ විශ්ව විද්යායල පරිපාලනයෙකු ලෙස ආචාර්ය අනුරාධ සෙනෙවිරත්න්ගේ වැඩ කොටස වාර්තාගත විය යුතු වේ.සිසුන් සතුරන්සේ නොසළකා ඔවුන්ද අදහස් හා යෝජනා වලින් පිරිණු සිත් ඇති පුද්ගලයින් කොටසක් සේ සළකා පරිපාලනයේදී සිසු නියෝජනයට විශාල ඉඩකඩක් ඇතිකර දීම සඳහා ශිෂ්යර සංගම් සම්බන්ධ කරගත්තේය. නිසඟයෙන්ම ඔහු තුළ වූ මානව ගුණයක් ලෙස ගුරු සිසු දුරස්තභාවය දුරුකර සිසු දරුවන් සමීපයේම සිටි අනුරාධයන් සැබවින්ම ශිෂ්යස කේන්ද්රීුය අධ්යා්පඥයෙකු ලෙස හඳුනා ගත හැක.

විවිධත්වය තුළ පවත්නා ඒකීයත්වයත්, ඒකීයත්වය තුළ පවත්නා විවිධත්වයක් ඇස් ඉදිරිපිටම නිරූපනය වු අති විචිත්ර,වත් සරසවි ජවනිකාවක් ලෙස අනුරාධ සමයේ පැවති චිත්රර, සංගීත හා නැටුම් යන ආයතනත්ර යේ සුහද වූ ශාස්ත්රී ය ඒකරාශීවීම සිහියට නැං‍වේ. ඔහු හඳුන්වා දුන් නව දේශන මාලාව සඳහා ස්ථානය වූයේ සංගීත අංශ ගොඩනැගිල්ලේ වූ ප්රා්සාංගික ශාලාවයි. ඒ හේතුවෙන් හෝර්ටන් පෙදෙසේ සිට ඇල්බට් චන්ද්රරවංකය කරා නිතර යන එන සෞන්දර්ය සිසු සිසුවියන්ගෙන් එදා කොළඔ හත උජාරුවට අළුත් එළියක් වැටී තිබුණි. හෝර්ටන් පෙදෙසේ දෘශ්යදකලා අංශයේ පිරිසක් මුල්වරට කාය ව්යබවජේද විද්යාහව පිළිබඳ මූලික අධ්යශයනය සඳහා, එනම් ආචාර්ය කාලෝ ‍ෆොන්සේකා ගේ පංති වලට සහභාගී වන්නට වෛද්යස විද්යාඑලයටත්, තවත් දෘශ්යත කලා ශිෂ්යත කණ්ඩායමක් සැලසුම් විෂයන් සඳහා මොරටුව සරසවිටයත් යාමෙන්, අනුරාධ සමයේ සෞන්දර්ය බිම් වපසරිය සිය සාම්ප්රවදායික භෞමික සීමාව ඉක්මවා බොහෝ ඈතට වීසීරී ගියේය. එය අනුරාධයන්ගේ දැක්ම යතාර්තයක් බවට පත්කලාවූ ඥාණ ප්ර සාරණය පිළිබඳ සංකේත රූපයක් ලෙස අද අපට සිහිපත් වේ.

එදා ආචාර්ය අනුරාධ සෙනෙවිරත්නයන්ගේ පුරෝගාමීත්වයෙන් දොරගුළු හැර නිම් වළලු පුළුල් කළ සෞන්දර්ය අධ්ය යන ආයතනය අද, හතලිස් අවුරුද්දකට පසු, අංග සම්පූර්ණ ස්වාධීන විශ්ව විද්යා ලයක් බවට ලොකු මහත් වී ඇත. ඔහුගේ යුගයේ පළමු උපාධිධාරි කණ්ඩායමින් බිහිවූ අති දක්ෂයින් ඉහළම තැන්වලටද පත්ව සිටී. අනුරාධ සෙනෙවිරත්න නම් වූ මහාචාර්යවරයාගේ උත්තම මෙහෙවර එම අද්විතීය මානව සම්පත බිහිවීම පිළිබඳ පදනමයි. අද නව ශිල්ප ශාස්ත්රීමය විශ්ව යුගයක් කරා පියනගා ඇති දෘශ්යහ සහ ප්රා සාංගික කලා විශ්ව විද්යාශල ඉතිහාසයෙහි ආලෝකවත්ම පරිච්ජේදය අනුරාධ සෙනෙවිරත්න යුගය බව අතිශෝක්තියෙන් තොර සත්යිය බව කිවයුතු වේ.

Memorial Foundation

songs banner-011

getsinhala