සිතීමේ හා ලිවීමේ නිදහස

ජනමාධ්‍යවලට අදහස් පළකරන උගතුන් සීමිත වීම වත්මන් ලාංකික සමාජ කතිකාවේ හා සමාජ මතියේ පටුබව කෙරෙහි බලපා ඇති වග විශ්වාස කරමින් වික්ටර් අයිවන් මහතා අප වෙත එවා ඇති ලිපියක් මගින් ඉල්ලා සිටින්නේ වත්මන් සමාජ කතිකාව පුළුල් කරන්නට හේතුවනු ඇතැයි හැෙඟන මාතෘකා යටතේ අපගේද අදහස් රාවයට ලියා එවන ලෙසයි.  ඔහුගේ කාරුණික ආරාධනය පිළිගෙන මේ ලිපිය ලියා එවමි.

 

පුවත්පත් කතුවරුන්ගෙන් අප වැනියවුන්ට මෙවැනි ඇරයුම් ලැබෙන්නේ ඉතා කලාතුරකිනි.  කෙසේ වුවත් උගතුන් සිටින්නේ විශ්වවිද්‍යාලවල පමණක් නොවන බව වික්ටර් අයිවන් මහතා නොදන්නවාද නොවේ.  එහි වැඩි වශයෙන් සිටින්නේ විෂයානුබද්ධ මහදැනමුත්තන් මිස ප‍්‍රාඥයන් නොවේ.  කෙසේ වුවත් ලිපියේ ආරම්භයේ දීඹ පාහේ ප‍්‍රශ්නයක් ද මතු කිරීමට කැමැත්තෙමි.  රටට වැදගත් යම් යම් කාරණා සම්බන්ධයෙන් අපේ රටේ උගතුන් පළකරන අදහස්වලට පුවත්පත්වල පිටු නිතරම වීවෘතව ඇත්දැයි යන්නය.  මගේ අත්දැකීම නම් බොහෝ දෙනා පළකරන අදහස් පුවත්පතේ කතුවරයාගේ අදහස්වලට නොගැලපේ නම් එම ලිපිය යන්නේ කුණුකූඩයටය. කතුවරුන්ගේ කුණු කූඩ පිරවීමට හේතුවක් හෝ කාලයක් නොමැති විට ලේඛකයන්ට සිදුවන්නේ ලිපි ලිවීම අමතර කර නිහඩවීමටය.  මෙයද මාගේම අත්දැකීමකි.

සිංහල ජාතිය හා බුදුදහම අන්‍ය ජාතිකයන්ගේ හා අන්‍ය ලබ්ධිකයන්ගෙන් බේරා ගැනීම පිණිස ජාත්‍යාලයෙන් ඉදිරිපත් වී සිටින එක්තරා පුවත්පතකට ලිපි සපයමින් සිටි මට ඒ කටයුත්ත අතහැර දැමීමට සිදුවූයේ යවන ලිපිවලින් කතුතුමන්ගේ කුණු කූඩය පිරී ඉතිරී යන්නට වූවායින් පසුවය.  එම පුවත්පතින් ඈත්වීමේ ප‍්‍රතිඵලය ඊටත් වඩා භයානක විය.  ඉන්පසු සිදුවූයේ මා පරිභවයට ලක්කිරීමය.  විටෙකිඅමන මහාචාර්යවරයා’ යන ආමන්ත‍්‍රණයෙන් හැඳින්වුණ මා කතෝලික පල්ලියේ අනුග‍්‍රාහකයෙකු වශයෙන් ද මහනුවර වෙසෙනිබෞද්ධ මහරජතුමන්ගේ’ කීර්ති නාමයට අපහාස කරන්නා වූද සාහසිකයෙකු වශයෙන්ද හංවඩු ගැසීමට තරම් මේ පුවත්පත දරුණු විය.  මේ අභාග්‍යසම්පන්න තත්ත්වය උඩ පුවත්පත් සමඟ ගනුදෙනු කරන්නේ කෙසේද? මේවා පුද්ගල ඝාතන නොවේ නම් වෙන මොනවාද?  ජාතිය හා ආගම බේරාගැනීම කෙසේ වෙතත් ජාතිය හා ආගම විකුණා කන හා ජාති හා ආගම් බේද වපුරා රට විනාශ කරන මෙවැනි ජනමාධ්‍ය ආයතන සමග මොන සාකච්ඡුාද? මොන ගනුදෙනුද? කාලයක් මුළුල්ලේම අපේ රටේ විශ්වවිද්‍යාල ගුරුවරුන් තෝරාබේරා ගනිමින් ඔවුනට අපහාස උපහාස කර නිර්දය ලෙස සමච්චලයට භාජනය කළ එම පුවත්පත සමග කිසිම අයුරකින් සම්බන්ධකමක් පැවතීමට මැළි වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් බොහෝ දෙනෙකු පිළිබඳ තොරතුරු මම දනිමි.  මෙවැනි තත්ත්වයක් යටතේ උගතුන් පුවත්පත්වලින් ඈත්වීම පුදුමයක්ද?

අපේ රටේ පළවන සිංහල ඉංගී‍්‍රසි පුවත්පත් අතර වෙනස් විශාලය.  සිංහල පාඨකයන්ටත් ඉංගී‍්‍රසි පාඨකයන්ටත් ගැලපෙන අයුරින් ප‍්‍රවෘත්ති හා ලිපිලේඛන පළවන අන්දම මෙවැනි පුවත්පත් එකිනෙකට සැසඳීමෙන් පෙනී යයි.  පුවත්පත්වලට ලිපි සපයන ඉංගී‍්‍රසි හා සිංහල ලේඛකයන්ගේ නාම ලේඛනය පරීක්ෂා කිරීමේදී වුව පෙනී යන කරුණක් වන්නේ එය කී දෙනෙකුට සීමා වී පවතීද යන්නය.  ඉංගී‍්‍රසි පාඨකයන් මෙන්ම සිංහල පාඨකයන් අවශ්‍යයෙන්ම දැනගත යුතු බොහෝ කරුණු කාරණා රට තොට හා දේශපාලන තොරතුරු ඉරිදා ඉංගී‍්‍රසි පුවත්පත් වල මිස සිංහල පුවත්පත්වල පළවන්නේ නැත.  රටේ තොටේ වැදගත් තොරතුරු සිංහල පාඨකයන්ට කියවීමට අවස්ථාවක් ලැබෙන්නේ නම් ඒ රාවය පුවත්පතින් පමණකි.  එබැවින් එහි පළවන ලිපි හා පුවත් විචාරශීලීව තෝරාගනිමින් එහි අදහස් නිදහසේ ග‍්‍රහණය කරගැනීමේ අයිතිය පාඨකයාට හිමි වේ.  ප‍්‍රවෘත්තියක හෝ ලිපියක වටිනාකම ගැන විනිශ්චයක් කර නිගමනයකට බැසීමට පාඨකයාට ඇති අයිතිය සමච්චලයකට ලක්කළ යුතු නොවේ.  එවිට සංවාදයක් සිදුවන්නේ නැත.


බොහෝ විට ලේඛන කලාවට ප‍්‍රවිෂ්ට වීමට උත්සාහ කරන නවක ලේඛකයන්ට අවස්ථාව අහිමිවීමද කණගාටුවට සිද්ධියකි.  පුවත්පත් හා අනෙකුත් මාධ්‍යයන්, ශිල්පීන් තෝරා ගන්නේද ඔවුන්ගේ ජනපි‍්‍රයතාවය ගැන සලකා මිස දැන උගත්කම ගැන තැකීමකින් නොවේ.  එම ජනපි‍්‍රය ලේඛන නාමාවලියට මම ද අයත් නොවෙමි.  පුවත්පත් කතුවරුන්ට පක්ෂපාතීව ලිපි සපයමින් හා සුවචව හා කීකරුව සිටිමින් මාස්පතා මුදල් උපයා ගැනීම මගේ පරමාර්ථය නොවේ.  ඒ මග යන්නෝ ජනමාධ්‍යයෙන් ඈත්ව සිටිති.

අපේ රටේ සිංහල හෝ ඉංගි‍්‍රසි පුවත්පතක ලිපියක් පළකරගැනීම සෑහෙන අපහසු කරුණකි.  නිතර ලිපි පළවන ලේඛකයන්ගේ නාම ලේඛණය පරීක්ෂා කිරීමේදී කාහට වුවත් එම තත්ත්වය වැටහී යා යුතු කරුණකි.  මෑතකදී යුරෝපයේ පැවැති අන්තර් ජාතික ආගම් පිළිබඳ සම්මේලනයක් අමතා මා කළ දේශනයක පිටපතක් එක්තරා ඉංගී‍්‍රසි පුවත්පතකට යැවුවද එය ද ගමන කෙළවර කළේ කතුවරයාගේ කුණු කූඩෙනි.  තත්ත්වය මෙසේ පවතිද්දී ජනමාධ්‍ය හා සම්බන්ධකම් පවත්වන්නේ කෙසේද? පුවත්පත් සගරා යනාදියට ලියා යවන ලිපි පළවෙතොත් එය සිදුවන්නේ කතුවරයා අතින් කප්පාදුවට ලක්කරමිනි.  මෙය ද ලේඛකයා අධෛර්යමත් කරන කාරණයකි.  පසුගිය වසරේ වෙසක් කලාපයක් සඳහා ලියා යැවූ ලිපිය වුවද පළවූයේ එයින් අඩක් ම කපා හැරීමෙන් පසුවය.  එම ලිපිය මගින් මා නැගූ තර්කය සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබුණි.  එම ලිපියේ අඩුපාඩුකම් දුටු හිතවත් පාඨකයන් මා වෙත එවූ ලිපිවලට පිළිතුරු පෞද්ගලිකව සැපයීමට මට ම සිදුවිය.

කතුවරයාගේ බලාපොරොත්තුව වූයේ පනහක හැටකගේ ලිපි එකතුවක් වශයෙන් සගරාව එළිදැක්වීම මිස ශාස්තී‍්‍රය ලිපියක් පළ කිරීම නොවේ.  කතුවරයාට එම විෂය සම්බන්ධ දැනුමක් නැති වග ඔහු කළ කි‍්‍රයාවෙන්ම පෙනී යා යුතුය.  මෙපරිදි ලිපි පළ කර ගැනීමට යාම වෙනුවට නිහඩව සිටීම සෞඛ්‍යයට ද ගුණදායකය.

සති අන්ත පුවත්පත්වල පළවනිකොලම්’ ද වැඩි කාලයක් කියවිය නොහැක.  එකම අදහස ප‍්‍රතිරාවය වීම එහිදී දැකගත හැකිය.  බොහෝ උගතුන් මෙවැනි අවස්ථාවලදී නිදහස් අදහස් ප‍්‍රකාශ කිරීම වෙනුවට යම් යම් පුද්ගලයන් සතුටු කිරීමට ගන්නා උත්සහය ද එවැනි ලිපි මගින් අවබෝධ කර ගැනීමට අපහසු නැත.  මේ තත්ත්වය අනුව හොඳම ක‍්‍රමය නම්ිපළකළොත්’ පළ කරපුවාදෙන් යන අදහසින් ඉඳහිට පුවත්පතකට - සගරාවකට ලිපියක් සැපයීමය.

පොතක් පතක් ලියා පළ කළ අවස්ථාවකදී වුව එම පොතට පතට යම් ප‍්‍රචාරයක් පුවත්පතක් මගින් ලබාගැනීම දුෂ්කර කාර්යයකි.  එම අවස්ථාව ලබා ගැනීම පිණිස අනිවාර්්‍යයෙන්ම කතුවරයාට පොතේ පිටපතක් යැවිය යුතුවාක් මෙන්ම පොත ගැන තමන් විසින්ම ලිපියක් සැපයීම යුතුවීම විශේෂ ලක්ෂණයකි.  පොතක් ගැන අපක්ෂපාතී විචාරයක් වර්තමානයේ දී නම් කියවීමට අවස්ථාව නොලැබේ.  සාහිත්‍ය විවේචනය අද පවතින්නේ එවැනි තත්ත්වයකය. 

ගුවන්විදුලිය හා රූපවාහිනිය ගැන ද යමක් කිය යුතු ය.  ඒ අංශ සඳහා ද සහභාගී වීමට ඇරයුම් ලබන ශිල්පීන්ගේ සංඛ්‍යාව සීමිතය.  මෙම ආයතන කොළඹ පිහිටා තිබීමද ඒ සඳහා ශිල්පීන්ගේ දායකත්වය ලෙහෙසියෙන් ලබා ගැනීමට නම් කොළඹම ජීවත්ව සිටිය යුතුය.  එවැනි අයම සම්බන්ධකර ගැනීම නිසා උගතුන් හා ශිල්පීන් දුර්ලභ ගණයේ සතුන් කොටසක් වශයෙන් රටට අවබෝධයක් ලබාදී තිබේ.  මේ කරුණු සලකා බැලීමේදී පේරාදෙණිය, රුහුණ, රජරට වැනි විශ්වවිද්‍යාලවලින් වැඩසටහන් වලට දායකත්වයක් ලබාදීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට අවස්ථාවක් නොලැබේ.  ජාතික රූපවාහිනී ඉතිහාසයටම වුවත් එම ආයතන ගොඩනැගිල්ලට මා ගොඩ වී ඇත්තේ දෙතුන්වරක් පමණි.  සිරස, ස්වර්ණවාහිනී වැනි ආයතන තිබෙන්නේ කොහේදවත් මම නොදනිමි.  මේ තත්ත්වය අනුව විවිධ වැඩසටහන්වලට අපගේ දායකත්වය ලබාදෙන්නේ කෙසේද?  එම ආයතනවලට අවශ්‍ය නම් අප සොයා එන බව දනිමු.  එහෙත් අවශ්‍ය නැති නිසා අපි වෙන්ව සිටිමු.

ජාතික ගුවන් විදුලිය හා අනෙකුත් නාලික ගැනද යමක් කිව යුතුය.  ජාතික ගුවන් විදුලිය සමග මගේ සම්බන්ධකම් ගොඩනැගුණේ මීට අවුරුදු හතළිස් පහකට පමණ පෙරදීය.  එහෙත් ඒ සම්බන්ධතාව අද බිඳී ගොස්ය.  සිරස වැනි ආයතන සමග කිසිදු සම්බන්ධතාවක් නැත.  එයට හේතුව මම නොදනිමි.  ජනපි‍්‍රය නොවීම හේතුව විය හැක.  පසුගිය වකවානුවේ ජාතික රූපවාහිනියත් ගුවන් විදුලියත් යන දෙකම අන්ත පරිහානියක් කරා ඇදගෙන ගියේ විශ්වවිද්‍යාලයේම තරුණ මහාචාර්යවරයකුගේ මගපෙන්වීම යටතේ කි‍්‍රයාත්මක වූ බැවිනි.  එම පරිහානිය ගැන එවක සිටි සමහර ඇමතිවරුන්ට කරුණු කියන්නට ගියද එයින් වැඩක් වූයේ නැත.

කලා මණ්ඩලයේ සභාපතිකම්න් අයින් වුණේ ද එපරිදි කරුණු කියන්නට ගොස් පල්වුණ අවස්ථාවේදීය.  බැරිම තැන මම අස්වුණෙමි.  එවිට ගරු ඇමතිතුමා කීවේියනවා නම් ගියාදෙන්’ කියාය.  සිදුවූයේද එයමැයි.  එහෙත් මට නොවේ.  රජකරනා විට සැබෑ ලෝකය පෙනෙන්නේ නැත.  එරට රාජ්‍ය සාහිත්‍ය උත්සවය පැවති අවස්ථාවක එයට අවශ්‍ය ප‍්‍රචාරය ලබාගැනීමට මම රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල්තුමාට කතා කළෙමි.  ඔහු මගෙන් එක්වරම ඇසුවේ මා නාට්‍යකාරයෙක්ද යන්නයි.  මම නාට්‍යකරුවෙක් නොවෙමි.  විශ්වවිද්‍යාලයක ගුරුවරයෙක්මි.  එහෙත් කලාමණ්ඩලයේ සභාපති වශයෙන් ඔබව අමතන බවයි.  මෙවැනි කටයුතු සඳහා නිලධාරීන් පත්කර ඇති බැවින් ඒ එක්කෙනෙකුට කතා කරන්න කියමින් ඔහු රිසිවරය පසෙක තැබුවේය.  තත්ත්වය මෙසේ නම්, අපේ ජනපි‍්‍රයතාව හා රටේ පිළිගැනීම කුමක්ද? විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වශයෙන් හෝ ග‍්‍රන්ථ කර්තෘවරයකු වශයෙන් හෝ මා ගැන අසා නැති මේ අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ තත්ත්වය සිතා බලනු මැනවි.  මෙවැනි වැදගත් ආයතන පාලනය සඳහා දේශපාලනයඥයන් තෝරා ගන්නේ එබඳු ගැත්තන් නම් පෙරට යාමට රටක් නැත.  මෙවැනි අවස්ථාවලට මුහුණ දී ලබා ඇති විළිලැ–ජා සහගත අත්දැකීම් හේතුවෙන් නිහඩව සිටිනවාට වඩා වැඩි යමක් කළ හැකිද?                                                                                                                                                                                                                                                       
ජාතික ගුවන්විදුලිය පසුගිය කාලවකවානුවේදී ඇදවැටී තිබූ ඛේදනීය තත්ත්වයෙන් මුදාගැනීමට වර්තමාන සභාපති හඞ්සන් සමරසිංහ මහතා සෑහෙන වෙහෙසක් ගෙන ඇති බව පිළිගත යුතුය.  එය තවදුරටත් බේරා ගත යුතුය.  ගුවන් විදුලියෙන් එදිනෙදා ප‍්‍රචාරය වන වැඩසටහන් දේශපාලනයෙන් මුදාගැනීමට හැකි නම් කෙතරම් අගේදැයි කල්පනා වේ. උදේට ප‍්‍රචාරය වන ප‍්‍රවෘත්ති, පුවත්පත් සිරස්තල, ප‍්‍රවෘත්ති පසුබිම හා සුභාරතී යන වැඩසටහන් අප‍්‍රසන්නම වැඩසටහන් අතර කීහිපයකි.  ඒවා පක්ෂග‍්‍රාහීය.  ඒවාහී සමබරතාවක් නැත.  පුවත්පත් සිරස්තල නොව ගරු සභාපතිතුමන්ගේ දේශපාලන දෙහිකැපීමය.  එතුමන් එම වැඩසටහනින් අයින්ව සිටින්නේ නම් කොතරම් හොඳද?  සමහර කරුණු සම්බන්ධයෙන් උගතුන්ගේ අදහස් දක්වනු පිණිස උගත්හු මෙසේ පවසතියිඬ යි ප‍්‍රකාශ කරන නිවේදකවරයා හැමදාමත් විශ්වවිද්‍යාලවලින් ඇරයුම් කරන්නේ රජයට පක්ෂ පස් හය දෙනෙකුට බව ගුවන් විදුලියට සවන් දෙන කාහට වුවත් වැටහී යා යුතුය.  අපගේ විශ්ව විද්‍යාල ක්ෂේත‍්‍රයේ නියැලී සිටින දහසක් ගුරුවරුන් අතුරෙන් මේ කිහිපදෙනා තෝරාගෙන ඇත්තේ රජයත් ඇමති මණ්ඩලයත් කරන හැම දෙයක් ම විශිෂ්ට යයි පවසන හේතුවෙනි.  ආත්මගරුත්වයක් ඇති මධ්‍යස්ථ මතධාරී උගතුන්ට මෙවැනි දෙයක් කිරීමට බැරිය.  වැඩිදෙනා මෙවැනි වැඩසටහන්වලට සම්බන්ධ නොවී නිහඩව සිටින්නේ ඬවිලිලැ–ජාවඬ නිසා විය යුතුයි.  ප‍්‍රතිවිරුද්ධ අදහසුත් ප‍්‍රකාශ වන්නේ නම් එවැනි වැඩසටහන් කෙතරම් අගනේද?

දේශපාලන, සමාජ හා සංස්කෘති වැඩසටහන් හා ගුවන් විදුලි හා රූපවාහිනිය සහභාගී කරගන්නේ ද දේශපාලනඥයන් හෝ උගතුන් වශයෙන් පෙනී සිටින හෙංචයියලා ය.  සැබෑ උගත්තු මේ හේතුවෙන් ඈත්ව සිටිති.

මෙරට වෙසෙන සියලු දෙනා කෙසේ වුවත් ආත්මගරුත්වය හා පිටකොන්ද ඇති බොහෝ දෙනා වර්තමාන දේශපාලනමය ජනමාධ්‍ය වෙතින් ඈත්ව සිටින්නේ කොන්ද කෙළින් තබාගෙන අවංකව නිදහස් අදහස් ප‍්‍රකාශ කිරීමට අවස්ථාව නැති නිසාය.  එපරිදි කටයුතු කිරීමට කිසිදාක අවස්ථාවක් නොලැබෙන කල එවුන් විසිවී යන්නේය.  නියම ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාතාවරණයක් යටතේ රට පෙරට යන්නේ නම් මෙවැනි ප‍්‍රශ්න ඇතිවන්නේ නැත.  රටවැසියන් වශයෙන් වර්තමාන දේශපාලන නායකත්වය කෙරෙහි අවංක විශ්වාසයක් තබා ජීවත්වීමට නොහැකි වාතාවරණයක් යටතේ නිදහස් මාධ්‍යයට ඉටුකළ හැකි කාර්යභාරය අති විශාලය.  එම යුතුකම යථාපරිදි ඉටුවිය යුතුය.

අවුරුදු තුන්හාර සියයකට වතාවක් ගසාගෙන එන සුනාමියකට වඩා එදිනෙදා හමා එන දේශපාලන සුනාමිවලට හසු වී ජීවිත බේරා ගැනීම පිණිස මෙරට අනන්ත අප‍්‍රමාණ ජනතාවට මුළු දවස පුරා සටන් වැදීමට සිදුවීම කරුමයකි.

Memorial Foundation

songs banner-011

getsinhala