During a visit to the Ashmolean Museum of Oxford, in 1988, the present writer spotted wood mounted ivory cabinet of the 17th Century of Sri Lankan origin among the things displayed in the South Asian origin among the things displayed in the South Asian section.  According to the measurements given, the height of the cabinet is 71/4 in (18.5cm), the length is 9 ins (23) and the width is 6 ins (15.5cm).  The museum catalogue says that it was purchased with the help of the friends of the Ashmolean 19 1976.  The description of this ivory cabinet in the publication “Indian art in Ashmolean Museum” is interesting.  I shall quote the relevant sections:

මහාවිහාර පරම්පරාව මැයින් මවිසින් මෑතකදී ලියන ලද ලිපියක මතු දැක්වෙන සටහන තැබිමි. ඒ මෙසේය,

අවුරුදු දෙසිය පනහකට පෙර ලක්දිව ථෙරවාදී බුදුසසුන තුළ ඇති වු උපසම්පදා කර්මයක් හේතුකොට ගෙන ශ්‍යාමෝපාලි මහා නිකාය නමින් අලුත් නිකායක් බිහි වී ලක්දිව බුදුසමය හා සග සසුන මෙන්ම බෞද්ධ වතාවත් හා පිළිවෙත් ද තායිකරණයට ලක් වී ගිය හැටි වටහාගැනීමට සාධක අවශ්‍ය නැත. මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් දේශීය බුදු පිළිම කලාව පවා විනාශයට පත් කරමින් තායිලන්තයෙන් මෙරටට වැඩමවන බුදු පිළිම අද දින ලක්දිව සෑම විහාරයක් පාසාම වඩා හිදුවා මුළු මහත් බෞද්ධ ලංකාවම තායි බෞද්ධ ආධිපතීත්වයට යටපත් කිරීම ගැන ගරුතර මහා සංඝයා වහන්සේ වගකිව යුතු අතර ඒ පිළිබඳව නිහඩව සිටීම ගැන මම පුදුම වෙමි.  අද දින මහනුවර දළදා මන්දිරයේ ප‍්‍රධාන බුදු මැදුර තුළ පවා වඩා හිදුවා ඇත්තේ තායි බුදු පිළිමයකි. මෙය ඓතිහාසික මහාවිහාර බෞද්ධ සම්ප‍්‍රදායට පටහැනිව ඇති වු ශ්‍යාමෝපාලි මහා නිකාය මෙන්ම ඒ තුළින් බිහි වු තවත් තායි සංස්කෘතික බීජයක හටගැනීමකි. අවුරුදු දෙසිය පනහකට පසුව වූවත් මේ වරද නිවැරදි කරගැනීමට ප‍්‍රමාද නැත. මේ අනුව රාම\අමරපුර ආදී වශයෙන් ඇති නාමයන් ද වෙනස් කිරීමට කාලය පැමිණ තිබේ.  (ප‍්‍රණාම 2005 - 24 පිටුව)

ශී‍්‍ර සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු දෙදහස් පන්සිය පනහක් ගතවීම නිමිත්තෙන් මෙවර වෙසක් පුන් පොහෝ දිනයේ දී පැවැත්වෙන බුද්ධ ජයන්ති මහෝත්සවය ශී‍්‍ර ලංකාවාසී අප සියලුදෙනාට ම වැදගත් වන ඓතිහාසික අවස්ථාවකි.  මීට අවුරූදු පනහකට පෙර දී එනම් වර්ෂ එක්දහස් නවසිය පනස් හය වැන්නේ දී පැවැත්වූ ජයන්ති උත්සවය සහ ඒ හා සම්බන්ධව පැවැත්වූ උත්සව වැඩසටහන් මාලාව තුළින් යම්බඳු බෞද්ධ ප‍්‍රබෝධයක් ජනතාව තුළ ජනිත කිරීමට හැකි වූ බව එදා එම උත්සවවලට සහභාගී වීමට භාග්‍ය ලද අදත් ජීවත්වන සමහරකුට මතක තිබිය යුතු ය.  එම උත්සව මාලාවෙන් පසු අවුරුදු පනහක් ගෙවී ගොස් ඇති අතර එම කාලපරිච්ෙඡ්දය තුළ බුදු සමය නිසා ලක්දිව සමාජය ලැබූ ප‍්‍රගතිය සමාලෝචනය කිරීමට මෙය කදිම අවස්ථාවකි.  සිංහල ජනයා සතු ඔවුන්ගේ අනගිභවනීය සංස්කෘතිය කෙරෙහි නිරන්තරයෙන් ම බලපා ඇත්තේ බුද්ධ දේශනය බව පිළිගත් සත්‍යයකි.  එබැවින් සිංහලයන්ගේ සංස්කෘතියේ පදනම බුදු දහම යි.

Memorial Foundation

songs banner-011

getsinhala