Prasident Mahinda Rajapaksa receiving the first two book of Prof. Anuradha Seneviratna

Prasident Mahinda Rajapaksa receiving the first two book of Prof. Anuradha Seneviratna

Prof Anuradha Seneviratna made great contribution to Sinahala literature

I first met Professor Anuradha Seneviratna in 1990 when I was an employer of Janasaviya Trust Fund. His elder son Udayana also worked with me in the same division. Before that I was a one of lover his creative works in Sinhala and English. His works covered topics from Sinhala literature and language, to archaeology and historical studies.

මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයන්ගේ 72 වැනි ජන්ම දිනය නිමිත්තෙනි

මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයන්ගේ 72 වැනි ජන්ම දිනය නිමිත්තෙනි

මහාචාර්ය සෙනෙවිරත්න වරක් සීගිරිය වෙත ගමනක් ගියේය. ඒ සීගිරි සංස්කෘතික වැඩබිම් කාර්යාලයේ පැවැති රැස්වීමකට සහභාගි වනු පිණිස ය. එහිදී ඔහු සිය පෞද්ගලික මෝටර් රථය භාවිත කළ අතර, අපේ ගමනාන්තරය සීගිරිය වූ බැවින්, සීගිරි යුගය සම්බන්ධ කරුණු අප අතර කථාබහ වෙමින් පැවතිණි.

කාව්‍ය ශෘස්ත‍්‍ර විනෝදයෙන් කල් ගෙවූ අපේ මහැදුරුතුමා

මිනිසා ස්වකීය ජීවිතාරම්මණයන්, ජීවිතාභිමාර්ථයන් සහ අපේක්ෂීත ඉලක්කයන් කරා පියවර නැගීමේදී ඒ සඳහා නොපසුබස්නා උත්සාහයෙන් මෙන් ම උට්ඨාන වීර්යයෙන් කටයුතු කළ යුත්තේ ය. එහිදී සුපුෂ්පිත මල්ගොමු මෙන් ම රුදුරු කටු පඳුරු ද පෙර මගට හමුවන බව නොකිවමනා ය. එසේ වතුදු බාධක මධ්‍යයේ ලද ජයග‍්‍රහණයෙන් දිවිතුරා චිත්තප‍්‍රමෝදය පිණිස ම වන්නේ ය. මේ පූර්විකාව අප විසින් දක්වනු ලැබූයේ මල්ගොමු මෙන්ම ගිරිදුර්ග,

අනාගත පරපුර සඳහා දැනුම ඉතිරි කර දැයෙන් සමුගෙන ගිය මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න

පසුගිය වෙසෙක් පොහෝ දිනයෙහි රූපවාහිනී මාධ්‍යයෙන් සුපුරුදු කටහඩක් ඇසී මම තිගැස්සුණෙමි. ඒ මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න, අප හිතවත් මහාචාර්යතුමන්ගේ කටහඩයි. දළඳා මැදුර හා ඒ සමඟ බැඳුණු අනෙකුත් තොරතුරු රාශියක් පළ කරමින් කළ විස්තරයක් සහිත එම වැඩසටහනට සවන් දෙමින් මොහොතකට මම කල්පනාවේ නිමග්නව සිටියෙමි. අනුරාධ සෙනෙවිරත්න මහාචාර්යතුමා දැනට අප අතර නොමැති බව එවේලේම පසක් වූයෙන් මා තුළ ඇති වූයේ දැඩි සංවේගී බවකි.එහෙත් එතුමා ලියූ පොතපතින්, දෙසූ දෙසුම්වලින්, එපමණක් නොව විටෙක හැගීම්බරව කළ වාදවිවාදවලින්, තවමත් එතුමාගේ නාමය අප මතකයේ සනිටුහන් වී ඇත.

අනුරාධ සෙනෙවිරත්නයන් පිළිබඳ නොමැරෙන මතකය

‘‘සිංහල සාහිත්‍ය මූලාශ‍්‍රවල සඳහන් වන තොරතුරුවලට අනුව ක‍්‍රි.ව පහළොස්වැනි සියවසේ සිට ම බෞද්ධ අධ්‍යාපනික මධ්‍යස්ථාන වූ පිරිවෙන්වල සිංහල, පාළි සහ සංස්කෘත භාෂාවන් සමඟ ද්‍රවිඩ බස ද උගන්වා ඇති බව පෙනේ. ගිරා සංදේශයෙහි තොටගමුවේ විජයබා පිරිවෙන් වර්ණනයේ සඳහන් වන පරිදි එහි සංස්කෘත, මාගධ, සිංහල සහ දෙමළ යනාදී භාෂා මෙන් ම කාව්‍ය නාටක වැනි වෙනත් විෂයයන් ද ඉගැන්වූ අයුරු ‘‘පවසත් සකුමද එ`ඵ දෙමළ කවි නලූ’’ යන පද්‍ය පාඨයෙන් පැහැදිලි වේ.

First death anniversary of Professor Anuradha Seneviratna

I first met Professor Anuradha Seneviratna about 1990 when I was a employer of Janasaviya Trust Fund which is his elder son Udayana work with me in a same division. Before that I was a one of lover his creative Sinhala and English, covering topics from Sinhala literature and language, to archaeology and historical studies.

අමතක නොවන මිනිසකුගේ අප්‍රකට තතු

අමතක නොවන මිනිසකුගේ අප්‍රකට තතු

by: Silumina

මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයන්ගේ අභාවය සිදුවී මේ වනවිට තෙමසක් ගත වී තිබේ. එතුමා නිමිත්තෙන් යෙදුණු සංඝගත දක්ෂිණාව පසුගිය 09 වනදා කටුගස්තොට කහල්ලේ ‘භාගිරළි’ නම් වූ එතුමාගේ නිවසෙහි පැවැත්විණි.මේ ලිපියේ අරමුණ වන්නේ මහැදුරු සෙනෙවිරත්න ගේ ශාස්ත්‍රීය ජීවිතය පිළිබඳ ආවර්ජනා කිරීම නොව, බොහෝ දෙනා නොදත්, එතුමාගේ පෞද්ගලිකත්වය හා බැඳුණු මානුෂික ආකල්ප පිළිබඳ පාඨක ඔබේ අවධානය යෙදවීමය.

මහැදුරු හද කුටියෙන් නික්මුණු ගී මල් සුගන්ධය

මහැදුරු හද කුටියෙන් නික්මුණු ගී මල් සුගන්ධය

මහැදුරු අනුරාධ සෙනෙවිරත්නයන් රචනා කළ ගී පිළිබඳ ව ලියැවුණු මේ විචාරාත්මක ලිපිය සිළුමිණ පුන්කලස අතිරේකයට ලැබුණේ ඔහු දැයෙන් සමුගැනීමට පෙරාතුව ය. එය මුද්‍රණයෙන් එළිදැකීමට පෙර ඉකුත් 09 වැනිදා මේ සාහිත්‍යවේදියා තමන් විසින් ඉටු කරන ලද සුවිසල් මෙහෙවර නිමැ කරමින් අභාවප‍්‍රාප්ත විය. ඔහුට කරන ලද ප‍්‍රණාමයක් වශයෙන් මේ ලිපිය ඉදිරිපත් කෙරේ.

Demise of a noble son of our soil

BY: DAILY NEWS- TIKIRI KOBBEKADUWA GOVERNOR - CENTRAL PROVINCE.

The death of Professor Anuradha Seneviratne will be felt not only in the Central Province but also throughout Sri Lanka due to his reputation and ability as a scholar unequal and above to any other in the recent past. His death will be remembered by many who appreciated the rural Sri Lankan image. His knowledge and ability to comprehend in five languages is unique for a scholar of his calibre and age. The awards he was bestowed during his lifetime over the years will never be compensated to a person of such knowledge and versatility.

Prof. Anuradha Seneviratna has passed away

Prof. Anuradha Seneviratna has passed away

Prof. Anuradha Seneviratna (71) Senior Professor in the Department of Sinhala, University of Peradeniya has passed away 09th July 2009 after illness in the General Hospital in Kandy. He was the beloved husband of Irangani Kumarihami Niyarepola and precious father of two sons - Udayana and Charu. Prof. Anuradha Seneviratna earlier has served in the University of Colombo and the Institute of Aesthetic Studies as its Director. He wrote and published nearly seventy books in Sinhala and English on various aspects of Sri Lanka’s culture and civilization. His most popular books were the publications by the Archaeological Survey Department and the publications of the Central Cultural Fund on various Archaeological monuments and sites in Sri Lanka.

මිහින්තලාවේ බෞද්ධ සසුන්වත

ලක්දිව සම්බුද්ධ ශාසනය ස්ථාපිත වීම පිළිබක්‍ කතා පුවත කවුරුත් දනිති. ක‍්‍රි. පූ. තුන්වන සියවසේ දඹදිව අශෝක මහාධිරාජයාණන් හා ලක්දිව දේවානම් පියතිස්ස රජු අතර අන්‍යෝන්‍ය මිත‍්‍රත්වයත් දේශපාලන සම්බන්ධතාවත් නිසා මිහිඳු මහ රහතන් වහන්සේ ස්වකීය පුත‍්‍ර රත්නය වශයෙන් අශෝක රජතුමා විසින් ම ලක්දිව රජුට ධර්මය ඉගැන්වීම හා රටේ ධර්මය ප‍්‍රචාරය කිරීම සඳහා එවන ලදී. උන් වහන්සේ මෙරටට වැඩි පළමු වැනි ධර්ම දූතයාණන් වහන්සේ වු සේක. මෙම ප‍්‍රකාශය ඇතැම් විට අද මතභේදය ට තුඩු දිය හැකිය. මක්නිසාද යත් සාම්ප‍්‍රදායික ඉතිහාසය අද නොපිළිගන්නා හෙයිනි.

මම දැන් හැම දෙයක් ම අතහැරපු නිදහස් තෘප්තිමත් පුද්ගලයෙක්

මම දැන් හැම දෙයක් ම අතහැරපු නිදහස් තෘප්තිමත් පුද්ගලයෙක්

එදා පැටිවියේදී ඊරියගම සුබෝධාරාමයේ වැලිපිල්ලේ අකුරු කරද්දී හෝ යොවුන් අවධියේදී පියාණන් ද කැටි ව ගුණපාල මලලසේකර වියතුන් දකින්නට යද්දී හෝ මතු යම් දවසක රටේ ප‍්‍රමුඛතම මහැදුරකු බවට තමා පත්වනු ඇතැයි මෙතුමා නොසිතන්නට ඇත. එහෙත් දශක හතක් ඉක්ම ගිය තැන, සිය ජීවන චාරිකාවේ ප‍්‍රමෝදජනක මෙන් ම ශෝකජනක මතක අප හා සමඟ බෙදා හදා ගනිද්දී මෙබඳු උස්බිමක් වෙත සම්ප‍්‍රාප්ත වීමට තමාට පිටුබලය දුන් ශක්ති ප‍්‍රවාහයන් කවරේදැයි මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයෝ අපට මෙසේ කියා පෑවෝ ය.

මිහින්තලාවේ බෞද්ධ උරුමය

සිංහල ශිෂ්ටාචාරයේ උල්පත මිහින්තලාවයි. අපේ වංශ කතාව පවසන පරිදි මීට අවුරුදු දෙදහස් තුන්සියයකට පෙර එනම් බුදුන් පිරිනිවී වසර දෙසිය තිස්හයක් එළඹුණු පොසොන් පුර පසළොස්වක පොහෝදා මිහිඳු මහ රහතන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝයා වහන්සේ ගෞතම බුදුන්ගේ දහම් පණිවිඩය ගෙන දඹදිව සිට මිස්සක පර්වතයට පැමිණීමෙන් පසුව ජීවත්වීම උදෙසා සිංහලයන්ට නව ජීවන මාර්ගයක් මෙන්ම දර්ශනයක් ද හිමි වූයේ ය. එදා මිස්සක පර්වතය නම් ලත් වර්තමාන මිහින්තලාවේ කඳු මුදුනින් සිංහලයන්ගේ දීර්ඝවූත්, ප්‍රෞඪවූත්, ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයේ ගමන් මග ඇරඹුණේය.

Image