පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම්මාන මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න මහතා සම්පාදනය කළ මෙම ශාස්‌ත්‍රීය රචනාව මුලින් මුද්‍රණය කිරීමට භාර දී ඇති අතර තවමත් එය පළ නොවූ කෘතියකි. එතුමන්ගේ අභාවයෙන් වසර හතරකට පසු මෙම ලිපිය පළ වන අතර එහි පාදක සටහන් ඇතුළු සියලු තොරතුරු http://www.anuradhaseneviratna.com වෙබ් අඩවියෙන් කියෑවිය හැකිය. අත් පිටපතක් වශයෙන් තිබුණ මෙම ලේඛනය එතුමාගේ දෙටු පුත් උදයන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය සාලිය කුලරත්න මහතාගේ ද සහය ඇතිව 'දිවයින බදාදා අතිරේකය'ට යොමුකළ බව කෘතවේදීව දක්‌වමු. මහාචාර්ය සෙනෙවිරත්න මහතා ලියා තිබුණ පෙර වදන මෙසේය.
ජනමාධ්‍යවලට අදහස් පළකරන උගතුන් සීමිත වීම වත්මන් ලාංකික සමාජ කතිකාවේ හා සමාජ මතියේ පටුබව කෙරෙහි බලපා ඇති වග විශ්වාස කරමින් වික්ටර් අයිවන් මහතා අප වෙත එවා ඇති ලිපියක් මගින් ඉල්ලා සිටින්නේ වත්මන් සමාජ කතිකාව පුළුල් කරන්නට හේතුවනු ඇතැයි හැෙඟන මාතෘකා යටතේ අපගේද අදහස් රාවයට ලියා එවන ලෙසයි. ඔහුගේ කාරුණික ආරාධනය පිළිගෙන මේ ලිපිය ලියා එවමි.
මහාවිහාර පරම්පරාව මැයින් මවිසින් මෑතකදී ලියන ලද ලිපියක මතු දැක්වෙන සටහන තැබිමි. ඒ මෙසේය,
අවුරුදු දෙසිය පනහකට පෙර ලක්දිව ථෙරවාදී බුදුසසුන තුළ ඇති වු උපසම්පදා කර්මයක් හේතුකොට ගෙන ශ්‍යාමෝපාලි මහා නිකාය නමින් අලුත් නිකායක් බිහි වී ලක්දිව බුදුසමය හා සග සසුන මෙන්ම බෞද්ධ වතාවත් හා පිළිවෙත් ද තායිකරණයට ලක් වී ගිය හැටි වටහාගැනීමට සාධක අවශ්‍ය නැත. මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් දේශීය බුදු පිළිම කලාව පවා විනාශයට පත් කරමින් තායිලන්තයෙන් මෙරටට වැඩමවන බුදු පිළිම අද දින ලක්දිව සෑම විහාරයක් පාසාම වඩා හිදුවා මුළු මහත් බෞද්ධ ලංකාවම තායි බෞද්ධ ආධිපතීත්වයට යටපත් කිරීම ගැන ගරුතර මහා සංඝයා වහන්සේ වගකිව යුතු අතර ඒ පිළිබඳව නිහඩව සිටීම ගැන මම පුදුම වෙමි. අද දින මහනුවර දළදා මන්දිරයේ ප‍්‍රධාන බුදු මැදුර තුළ පවා වඩා හිදුවා ඇත්තේ තායි බුදු පිළිමයකි. මෙය ඓතිහාසික මහාවිහාර බෞද්ධ සම්ප‍්‍රදායට පටහැනිව ඇති වු ශ්‍යාමෝපාලි මහා නිකාය මෙන්ම ඒ තුළින් බිහි වු තවත් තායි සංස්කෘතික බීජයක හටගැනීමකි. අවුරුදු දෙසිය පනහකට පසුව වූවත් මේ වරද නිවැරදි කරගැනීමට ප‍්‍රමාද නැත. මේ අනුව රාම\අමරපුර ආදී වශයෙන් ඇති නාමයන් ද වෙනස් කිරීමට කාලය පැමිණ තිබේ. (ප‍්‍රණාම 2005 - 24 පිටුව)
ලක්දිව සම්බුද්ධ ශාසනය ස්ථාපිත වීම පිළිබක් කතා පුවත කවුරුත් දනිති. ක‍්‍රි. පූ. තුන්වන සියවසේ දඹදිව අශෝක මහාධිරාජයාණන් හා ලක්දිව දේවානම් පියතිස්ස රජු අතර අන්‍යෝන්‍ය මිත‍්‍රත්වයත් දේශපාලන සම්බන්ධතාවත් නිසා මිහිඳු මහ රහතන් වහන්සේ ස්වකීය පුත‍්‍ර රත්නය වශයෙන් අශෝක රජතුමා විසින් ම ලක්දිව රජුට ධර්මය ඉගැන්වීම හා රටේ ධර්මය ප‍්‍රචාරය කිරීම සඳහා එවන ලදී. උන් වහන්සේ මෙරටට වැඩි පළමු වැනි ධර්ම දූතයාණන් වහන්සේ වු සේක. මෙම ප‍්‍රකාශය ඇතැම් විට අද මතභේදය ට තුඩු දිය හැකිය. මක්නිසාද යත් සාම්ප‍්‍රදායික ඉතිහාසය අද නොපිළිගන්නා හෙයිනි.
සිංහල ශිෂ්ටාචාරයේ උල්පත මිහින්තලාවයි. අපේ වංශ කතාව පවසන පරිදි මීට අවුරුදු දෙදහස් තුන්සියයකට පෙර එනම් බුදුන් පිරිනිවී වසර දෙසිය තිස්හයක් එළඹුණු පොසොන් පුර පසළොස්වක පොහෝදා මිහිඳු මහ රහතන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝයා වහන්සේ ගෞතම බුදුන්ගේ දහම් පණිවිඩය ගෙන දඹදිව සිට මිස්සක පර්වතයට පැමිණීමෙන් පසුව ජීවත්වීම උදෙසා සිංහලයන්ට නව ජීවන මාර්ගයක් මෙන්ම දර්ශනයක් ද හිමි වූයේ ය. එදා මිස්සක පර්වතය නම් ලත් වර්තමාන මිහින්තලාවේ කඳු මුදුනින් සිංහලයන්ගේ දීර්ඝවූත්, ප්‍රෞඪවූත්, ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයේ ගමන් මග ඇරඹුණේය.
During a visit to the Ashmolean Museum of Oxford, in 1988, the present writer spotted wood mounted ivory cabinet of the 17th Century of Sri Lankan origin among the things displayed in the South Asian origin among the things displayed in the South Asian section. According to the measurements given, the height of the cabinet is 71/4 in (18.5cm), the length is 9 ins (23) and the width is 6 ins (15.5cm). The museum catalogue says that it was purchased with the help of the friends of the Ashmolean 19 1976. The description of this ivory cabinet in the publication “Indian art in Ashmolean Museum” is interesting. I shall quote the relevant sections: